Colombo Today Local Newsජනාධිපතිවරණය

බෙදුම්වාදීන්, වහාබ්වාදීන් රොත්තම එකට තබා පරදවති… හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය ජනාභිෂේකය ලබයි…!

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත බව නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින අතර, තොරතුරු මාර්ග අනුව ඔහු 54% ක පමණ ප්‍රතිශතයක් සහිතව වැඩි ඡන්ද ලක්ෂ 12කින් පමණ ජයග්‍රහණය කරන ඇති බවද පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගද තහවුරු කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වී ඇති බවයි.

උතුරේ බෙදුම්වාදී බලවේග හා බෙදුම්ව‍ාදය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්, වහාබ්වාදී පෙරමුණු සහ පසුගිය පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සෘජුවම චෝදනා එල්ල වූ ඉස්ලාම් අන්තවාදී බලවේග සියල්ලම පෙනී සිටියේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙනි. දකුණේ සිංහල බෞද්ධ බහුතරය විසින් පත්කරගත් ප්‍රථම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා වීමද විශේෂත්වයකි.

Related posts

ඊයේ රාජ්‍ය සේවකයන් ලක්ෂ එකහමාරක් වැඩට ගිහින් නෑ…

colombotoday

චීනයෙන් ජනපතිට තෑග්ගක්…

colombotoday

මල්වානේ වල්ගම බෝඩිම් කාමරේ කෝටියක ගංජා

colombotoday

පැය දෙකක විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවේ

colombotoday

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin

විදේශ තානාපතිවරු හය දෙනක් මෙරට ආරක්‍ෂක සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදිහත් වේ

colombotoday