Colombo Today Local News

ගොවීන්ට පොහොර ගන්න වවුචරයක් දීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

මෙවර යල කන්නයේදී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් දීමේ යෝජනාව, අනුමැතිය සඳහා අද(08)දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ සඳහා මේ වනවිටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිවී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.‍

අදාළ යෝජනාවට පසුගියදා මුදල් කමිටුවේ ද අනුමැතිය හිමි විය.

එම මුදල් යොදා ගනිමින් යල කන්නයේදී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට පොහොර මිලදී ගත හැකි බව අමාත්‍යවරයා පවසයි.

එක් කන්නයකදී හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් පොහොර වවුචර් ක්‍රමය ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

IOCය ත්‍රිකුණාමලය පර්යන්තයෙන් තෙල් ලීටර මිලියන දෙකක් මුදාහරී

colombotoday

ඩයනාට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

Admin

අටළුගම ෆාතුමාට තර්ජනය කල එජාප මංත්‍රී ඉමිතියාස් යලි රිමාන්ඩ්

colombotoday

රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක් – ගින්න නිවීමට ගුවන් හමුදා සහය

colombotoday

මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි | දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

colombotoday

නුසුදුසු ධුරයක් ගම්මන්පිල හැර යයි

colombotoday