Colombo Today Local NewsTop Stories

අටළුගම ෆාතුමාට තර්ජනය කල එජාප මංත්‍රී ඉමිතියාස් යලි රිමාන්ඩ්

සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් මාරව මුස්ලිම් පල්ලියට සම්බන්ද පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ බණ්ඩාරගම අටළුගම පදිංචි කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතුමා හයිෆාම් මහත්මියගේ මවට සහ ස්වාමියාට පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස තර්ජනය කර බලපෑම් කල එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මංත්‍රී මොහොමඩ් ඉමිතියාස් නොහොත් ඉමිතියාස් හාජ්ජියාර් නැමැත්තා සැප්තැම්බර් 25 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (11) නියෝග කරන ලදි.

සැකකාර මොහොමඩ් ඉමිතියාස් නැමැත්තා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහතා ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර සිටි අතර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඇප ඉල්ලීමට විරුද්ධ වෙමින් 2015 අංක 4 දරන සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දෙන ලදි.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කටයුතු කල යුතු බවත් විත්තිකරු තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් ඉල්ලා සිටියා.

තර්ජනය කිරීම

පසුගිය ජූලි මස 1 වනදා පැමිණිලිකාරිය වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මියගේ මව රාජකාරි කටයුත්තක් සඳහා ග්‍රාම නිලධාරිවරයා මුණ ගැසීම සඳහා ගිය අවස්ථාවේදී මෙලෙස එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන මොහමඩ් ඉමිතියාස් නැමැත්තා තර්ජනය කළ බවට සහ ඊට දින කිහිපයකට පසු ජූලි 3 වන දින මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පැමිණිලිකාරියගේ නිවසට පැමිණි අවස්ථාවේදී යලිත් මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැමිණිලිකාරියගේ ස්වාමි පුරුෂයාට පහර දීමට උත්සහ කළ බවට ජුලි 4 වනදා අධිකරණයට කරුණු වාර්තා විය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ඉමිතියාස් නැමැත්තා මෙම සිද්ධියට අදාළව කණ්ඩායමක් මෙහෙයවා ඇති බව අධිකරණයට හැගී යන බවත් වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් නියෝග කර සිටියා.

බණ්ඩාරගම පොලිසිය අධිකරණ නියෝග පැහැර හරිමින් පක්ෂග්‍රහිව කටයුතු කිරීම

මෙම නඩුව යලි ජූලි 12 වනදා කැඳවනු ලැබූ අතර, මොහොමඩ් ඉමිතියාස් නැමැත්තා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කලද, බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කළ බව අධිකරණයට දැන්වීය. එහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් ප්‍රශ්න කර සිටියේ “අධිකරණය එවැනි නියෝගයක් දුන්නාද ?” යන්නයි. බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයාට ඒ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබා දීමට නොහැකි වූ අතර මහේස්ත්‍රාත්වරයා යලි ප්‍රශ්ණ කර සිටියේ අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකු පිළිබඳවම ක්‍රියා කරනු ලබන්නේ මේ ආකාරයෙන්ද යන්නයි. මෙම පනතින් අත්අඩංගුවට ගැනීම සඳහා තමාට අත්දැකීම් නොමැති බැවින් නීතිපති උපදෙස් ඉල්ලා සිටි බව පොලිස් ස්ථානාධිපතිවරයා එහිදී සඳහන් කරන ලදි.

නඩු විශාල ප්‍රමාණයක් නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බවත් බොහෝ නඩු වසර ගණනාවක් ගතවුවද තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බවත් නමුත් සමහර නඩු සඳහා ඉතා ඉක්මනින් නීතිපති උපදෙස් ලබා දෙන බවත් ඒ පිළිබඳව මුළු පානදුරම දන්නා බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී සඳහන් කරන ලදි. කෙසේ වෙතත් මෙම නඩුව සඳහා නීතිපති උපදෙස් අනවශ්‍ය බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කරණ ලදි.

බණ්ඩාරගම පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු සිදුකරණ ආකාරය පිළිබඳව ගැටලුකාරී බැවින් මෙම නඩුවේ පරීක්ෂණ වහාම මිරිහාන විශේෂ විමර්ෂණ ඒකකයට මාරු කරණ ලෙසත් මෙම නඩුවට අදාළ ලිපිගොනු මිරිහාන පොලීසිය වෙත යවන ලෙසත් නියෝග කරණ ලදි.

නීතියට වංගු ගසා සැකකරු වෙනුවෙන් පෙනී සිටි බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති

එම නඩුවෙන් පසුව අගතියට පත් පාර්ශවයට තර්ජනය කිරීම හේතුවෙන් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා ජුලි 4 වනදා නියෝග කරණ ලද එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉමිතියාස් නැමැත්තා “සාපරාදී බියගැන්වීම” යන චෝදනාව යටතේ වෙනම නඩුවක් ලෙස බණ්ඩාරගම පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරණ ලදි.

පොලීසිය කුමන චෝදනා යටතේ විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කලද, අධිකරණයට පැවරී ඇති බලතල අනුව සැකකරු වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරණ ලදි. ඔහුට ඇප දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මේ සිදුවීම සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැවැත්වුවහොත් එය අධිකරණයට සිදුකළ අපහාසයක් සේ සලකන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කරන ලදි.

ඒ අනුව පසුගිය ජූලි 12 වනදා සිට සැකකාර ප්‍රාදේශීය සභා මංත්‍රී මොහොමඩ් ඉමිතියාස් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරබේ යන මහත්වරුන් පෙනී සිටින ලද අතර සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහතා සමග නීතිඥ කණ්ඩායමක් පෙනී සිටින ලදි.

Related posts

යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර සහනාධාරයක්

Admin

වසර 3ක් සිරගෙට නියම වූ සරණ ඇප මත නිදහස් වෙයි !

colombotoday

පෑනක් වැනි ගිනි අවියක් සමඟ පොකුණුවිට “කන්ගැට්ටා” අත්අඩංගුවට

colombotoday

ප්‍රසන්න දගලනව වැඩියි.. අයින් කරල දාන්න – චන්ද්‍රිකා මෛත්‍රීට කියයි

colombotoday

යාපනය, වලිකාමම් අධිආරක්‍ෂිත කලාපයේ ඉඩම් අක්කර 683ක් මුදාහරියි

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මහ පිරිසක් ගාලුමුවදොරට.. ජල ප්‍රහාරක රථ, කදුළුගෑස් සූදානම් !

colombotoday