Colombo Today Local News

විනය භාර ගුරුවරයාට පහර දුන් පාසල් සිසුන් 4ක් රිමාන්ඩ්

පුත්තලම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පාසල් සිසුන් 4 දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පුත්තලම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට අදාළ පාසලේම සිසුන් පිරිසක් විසින් පහර දීමේ සිද්දියක් ඊයේ (23) දිනයේ දී වාර්තා විය.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිසක් මෙලෙස පහර දී ඇත්තේ අදළා පාසලේ විනය භාර ආචාර්යවරයාටයි.

පාසල් නිල ඇඳුමට ගැපෙනසේ කොණ්ඩ සහ රැවුල් කපා පැමිණෙන්නැයි, පැවසීම හේතුවෙන් අදාළ සිසුන් මෙලෙස ගුරුවරයාට පහර දී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ගුරුවරයාගේ නිවසට ගල් මුල් පහර එල්ල කළ සිසුන්, ඔවුන්ගේ පොත් ඉරා දමමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

Related posts

හිට්ලර් ප්‍රකාශය ගැන ආණ්ඩුවේ, රාජ්‍ය මාධ්‍යයේ මඩ ප්‍රහාර වලට අස්ගිරි අනු නාහිමියෝ ධර්මයෙන් පිළිතුරු දෙති

colombotoday

කබ්රාල් ඉල්ලා අස්වෙයි

colombotoday

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11කට තුවාල

Admin

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin

බඩු මිල අඩු කරන්න බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ

colombotoday

ප්‍රකාශයක් දෙන්න ගියේ නැතැයි, අල්ලස් කොමිසම නාමල්ට නඩු දමයි !

colombotoday