Colombo Today Local NewsHot News

හාමුදුරුවෝ කතා කලේ රණ විරුවන් වෙනුවෙන්. හාමුදුරුවන්ට ජම්පරය අන්දන්නයි ඕනි උනේ. කණගාටුයි

අති පුජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිරගත කිරීම පිලිබදව විවිද දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (16) අදහස් පළකර සිටියා.

ඥානසාර හිමි සිරගත කිරීම ගැන කණගාටු වෙනවා – අශෝක් අඹේසිංහ

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිරගත කිරීම පිළිබඳව තමන් කණගාටුවට පත්වෙන බව අමාත්‍ය අශෝක් අඹේසිංහ
අද ප්‍රකාශ කර සිටියා. අදිකරණයකින් ලබාදුන් තීන්දුවකට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග තිබෙන බවත් ගරුතර ස්වාමීන් වහන්සේ එය ගනු ඇති බවත් අද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

හාමුදුරුවෝ කතා කලේ රණ විරුවන් වෙනුවෙන් -ප්‍රසන්න රණතුංග

මේ හාමුදුරුවෝ මේ රටේ රණ විරුවන් වෙනුවෙන් කතා කරලා තමයි මේ සිද්ධියට මුහුණපාලා තිබෙන්නේ. ඒ නිසා ඥානසාර හාමුදුරුවන්ට පොදු සමාව දිය හැක්කේ ජනාධිපතිවරයාට පමණි.

ආණ්ඩුවට හාමුදුරුවන්ට ජම්පරය අන්දන්න උවමනාවක් තිබ්බා – එස් එම් චන්ද්‍රසේන

නීතිය නමන පොලීසිය තමයි අධිකරණයට මේවා බාර දෙන්නේ. අධිකරණයෙන් පස්සේ ඒවාට තීන්දු එනවා. මේකට සම්පුර්ණයෙන් රජය වග කිව යුතුයි. ගලගොඩ අත්තේ ඥානසාර හිමිට අභියාචනයක් දාලා තියෙන වෙලාවක දවසට දෙකට ජම්පරයක් අන්දන්න උවමනාව තිබ්බා. චීවරයට තිබ්බ අත හේතුවෙන් ජනතාව මේ ආණ්ඩුවට කිසිදු සමාවක් දෙන්නේ නෑ

Related posts

පෙරටුගාමී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අද පස්වරුවේ

colombotoday

පළාත්සභා අහෝසි කිරීමෙන් ෆෙඩරල් සටන නවත්වමු – ගැටඹේ නාහිමිගෙන් රටට අවවාදයක්

colombotoday

මාතර නගරයේ ඉතිහාසය වෙනස් කල විරෝධතාකරුවන්

colombotoday

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුදු සසුන අද විනාශ කරනවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

colombotoday

TIDයේ හිටපු ප්‍රධානියා ඉදිරිපත් කර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

ශ්‍රී ලංකාව යෝජනා කරන දේශිය යාන්ත්‍රණය මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රතික්ෂේප කරයි

colombotoday