Colombo Today Local News

ග්‍රාම නිලධාරි එක්ක හොරෙන් රට පනින්න ගිය 11කට වැඩ වරදී

ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර ජෝර්ජියාවට යාමට උත්සහ කළ බව කියන ග්‍රාම නිලධාරීවරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් නම දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රහස් පොලීසියේ කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.

අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිවරයා මන්නාරම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සහ සැකකාරියන් යාපනය වවුනියාව මුලතිව් සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 31, 36 33 ,34 ,සහ 22 යන වයස්වල පසුවන අය වෙති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙදරේරු සහ කම්කරු වෘත්තියේ නිරතව සිටින අය යැයි රහස් පොලිස් ආරංචිමාර්ග කියයි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් රහස් පොලිසියේ කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සිරකරුවන් 11,000ක් නිදහස් කර අවසන්

colombotoday

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

Admin

වාහන මිළදී ගන්නන්ට සුබ ආරංචියක් ! රවී බිම දැමූ ලීසිං අගය ආයෙත් නග්ගයි

colombotoday

බූස්ස බන්ධනාගාරයේ පොලවෙන් හමුවූ දුරකතන උපාංග

Admin

කොළඹ, මෝදරදී වෙඩි තැබීමක්

Admin

රොහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයන්ට මෙරට දේශපාලන රැකවරණ ලබා දීමට රජය තීරණය කරයි !

colombotoday