Colombo Today Local News

සජබයේ තනතුරු දෙකක් වෙනස් වෙයි

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් තනතුරු දෙකකට නව සාමාජිකයින් පත්කර තිබේ.

ඊයේ (16)දින සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී එම තීරණය ගෙන ඇත.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා⁣ මහතා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරට පත්කර තිබේ.

කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරයට පත්කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී එම පත්වීමේ ලිපි ලබාදී තිබේ.

Related posts

මාර්ග නාම පුවරුවල දෙමළ අකුරු මැකීමේ කුමන්ත්‍රණයක්… මංගලට චෝදනා !

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් 5 වනදා..

colombotoday

ෆොන්සේකා – සුමන්තිරන් මත ගැටුමක් නිසා තේරීම් කාරක සභාව උණුසුම් වෙයි

colombotoday

ප්‍රකාශයක් ලබා දෙන්න ශානි CIDයට එයි

colombotoday

මුලතිව් දිස්ත්‍රික්කයට සිංහලයන් එපා.. පදිංචිකිරීම් නවතනු – උතුරේ සංවිධාන විරෝධතා..

colombotoday

ඩොලරය රු 150 නුත් ඉහළට නගී.. රුපියල පල්ලම් බහී !

colombotoday