Colombo Today Local News

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට කඩිනමින් නව බඳවා ගැනීම් සිදු කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව දුම්රිය රියැදුරන් 100ක්, නියමකයින් හා ස්ථානාධිපතිවරුන් බඳවා ගන්නා බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරයි.

මීට අමතරව කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 3000 ක් ද කඩිනමින් බඳවා ගැනීමට නියමිතය.

ඔවුන් රජයේ රැකියා ලක්ෂයක් සඳහා අඩු ආදායම්ලාභි පවුල්වලින් බඳවා ගත් පිරිසෙන් තෝරා ගන්නා බව ද දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර සේවකයින් රැසක් විශ්‍රාම ගැනීම හේතුවෙන් පවතින සේවක හිඟයත් සමග ඊයේ (03) දිනයේ ද දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරුණි.

Related posts

මැතිවරණයෙන් පරාජ වූ කිසිවෙකුට ජාතික ලැයිස්තුවේ ඉඩක් නෑ – සජිත්

colombotoday

රාජ්‍ය මාධ්‍යයේ මඩ ප්‍රහාරවලට අම්පිටියේ සුමනරතන හිමියෝ පිළිතුරු දෙයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday

ETCA අවසන් ගිවිසුම හදන්න අගමැති රනිල් ඉන්දියාවට..

colombotoday

උතුම් නවම් පොහොය අදයි…

colombotoday

“මහින්ද රට ආපස්සට ගෙනගියා.. එජාපය රට දියුණු කළා.. වැට් වැඩිවීම අනාගත ආයෝජනයක්” – අගමැති

colombotoday