Colombo Today Local News

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව අද(28)දින ඡන්දය ප්‍රකාශ කරන බව එම සභාවේ මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27)දින පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව සම්බන්ධ විවාදයේදීය.

ඒ ණය මුදල පාවිච්චි කරන ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන උනන්දුව ගැන සෑහීමට පත් නොවන බවද ඔහු සඳහන් කළේය.

මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙසේද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දූෂණය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමුකළ යුතුයි. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය අදහාගත නොහැකි දෙයක්. අරමුදල මේ ඩොලර් අපිට ලබා දෙන්නේ ජනතාවගේ යහපත සඳහා. එහෙම නැතුව එක එක්කෙනාගෙ අවශ්‍යතා වලට නොවෙයි. සාක්කු දාගන්න නොවෙයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන අවධානය ගැන අපි සෑහීමට පත්වන්නේ නැහැ. ඒ පිළිබඳව වගකීමක් ඒ අයට බාර වෙනවා. ඒක ඉෂ්ට කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Related posts

නව මහාධිකරණ විනිසුරුවරුන් 12කට පත්වීම්

colombotoday

ජනපති අද ජාතිය අමතයි !

colombotoday

උතුරු – නැගෙනහිර අද හර්තාල්

Admin

මෙන්න තියෙනවා මගේ වත්කම. අරන් පලයල්ලා FCID – හිටපු ජනපති කියයි

colombotoday

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයක්… රට පුරා අදත් මහ වැසි…

colombotoday

ඇමති චන්න ජයසුමනගේ මිලියන දෙසීයක නිවස. සියල්ල හෙළිකරනවා – අසේල සම්පත්

colombotoday