Colombo Today Local News

අවුරුදු 15ක පාසල් දැරියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට

මාතර පොලිස් වසමේ නූපේ රේල් ගේට්ටුව සහ පඹුරන දුම්රිය ස්ථානය අතරදී දුම්රියක ගැටී පාසල් දැරියක මියගොස් තිබේ.

ඇය වයස අවුරුදු 15ක් වූ බෙන්තොටගෙවත්ත, හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි.

ඊයේ (25) සවස් කාලයේදී මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටීමෙන් මෙලෙස එම සිසුවිය මිය ගොස් ඇත.

මරණකාරිය තවත් මිතුරියන් තිදෙනෙකු සමග සාදයකට ගොස් පා ගමනින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇති බව විමර්ශනවලිදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ත්‍රස්ත චෝදනා යටතේ අත්අඩංගුවට ගත් නිසාම්ඩීන් අහිංසකා…යි – ෆයිසර් මුස්තාෆා

colombotoday

ආගමික සිද්ධස්ථාන වලට සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක්

colombotoday

වසවිස නැති සහලින් ජන 1 දා කිරිබත් කමු ! – ජනපති කාර්යාලයෙන් ජනතාවට පණිවිඩයක්

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ විරෝධය

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙනම දිනයක්

colombotoday

තෙමහල් නිවසක කුෂ් වගාවක් වටලයි

colombotoday