World

සුඩාන හමුදා සහ අතුරු හමුදා පැය 72ක සටන් විරාමයකට එකඟ වෙයි

සුඩාන හමුදා සහ අතුරු හමුදා පැය 72ක සටන් විරාමයකට එකඟ වී තිබේ.

දින 2ක සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම මාසයේ ප්‍රකාශයට පත් කරන ලද තෙවැනි සටන් විරාමය මෙය වන නමුත් ඉන් කිසිදු සටන් විරාමයක් මේ වන තෙක් ක්‍රියාවට නංවා නොමැත.

සුඩාන හා එරට අතුරු හමුදා අතර ගැටුම්වලින් මේ වන විට පුද්ගලයින් 427 ක් මිය ගොස් 3,700කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

මේ හේතුවෙන් එරට සිටින විදේශිකයන් ද විශාල වශයෙන් ඉවත්ව යන බව සඳහන් වේ.

හමුදා පාලනයක් යටතේ ඇති සුඩානය පසුගියදා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සළකා බැලීම හේතුවෙන් එරට අතුරු හමුදාවක්, හමුදාවට එරෙහිව සටන් ආරම්භ කළේ ය.

Related posts

ජර්මනිය සෞදි අරාබියට අවි ආයුධ සැපයීම නවත්වයි

colombotoday

ලෝක වෙළඳපොලේ රන් මිල පහතට

colombotoday

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

colombotoday

ඉතාලියේ මිලානෝ නගරයේ පිපිරීමක්

Admin

එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිහිටුවයි

Admin

ආගමික විශ්වාසයන් සිවිල් සමාජයට නොගැළපේ ! ප්‍රංශ අධිකරණය මුස්ලිම් කාන්තාවකගේ පුරවැසිභාවය අත්හිටුවයි

colombotoday