Colombo Today Local NewsWorld

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

මානව හිමිකම් පිළිබද විමසීම සදහා පැමිණෙන කිසිදු නිලධාරියෙකුට තම රටට ඇතුළුවීමට ඉඩ නොදෙන බව මියන්මාර් රජය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දී ඇති බවයි.

මියන්මාරයේ වෙසෙන රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු වූ බව පැවසෙන වධහිංසා සහ මානවහිමිකම් කඩවීම් පිළිබදව විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද ස්වාධීන පරීක්ෂකවරියක් ලබන මසදී මියන්මාරයේ සංචාරය කිරීමට නියමිතව තිබිණි.

එහෙත් මියන්මාර රජය පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර සිදුකළ පරීක්ෂණය රොහින්ග්‍ය මුස්ලිම් ජාතිකයන්ට සහ රොහින්ග්‍යා ත්‍රස්තයන්ට පක්ෂව සකස් කර තිබූ බවයි.

මියන්මාර රජය එවැනි සෘජු තීරණ ගත්තද ශ්‍රීලංකාවේ පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. පසුගියදා මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් රජයේ අවසර ඇතිවම බන්ධනාගාරයට ඇතුළු වී සිරගතව සිටින හිටපු කොටි ත්‍රස්තවාදීන් පිළිබදව නිරීක්ෂණය කළ අතර හොර රහසේම ඔවුන්ගෙන් කට උත්තර ලබා ගැනීමටද කටයුතු කර තිබිණී. පසුව මාධ්‍ය අමතමින් ඔවුන් කියා සිටියේ එල්.ටී.ටී.ඊ. රැදවියන්ගේ මානව හිමිකම් කඩවන අයුරින් රජයේ බලධාරීන් කටයුතු කර ඇති බවයි.

Related posts

රජයේ සේවකයෝ 60%ක් පැය8න් පැය 2ක් ෆෝන් එකේලු.. රාජ්‍ය ‍සේවය පල්ලම් බහින්න ඒකත් හේතුවක්!

colombotoday

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ලෑස්ති නෑ..“ මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන්ට කියයි

colombotoday

“මට කුඩුවෙන්න ගැහුවා” හිටපු ජනපති අත්සන් කළ ගැසට් 65ක් ගැන අනාවරණයක්

colombotoday

රජයේ යෝජනාවලට එකග නෑ.. GMOA නැවතත් රතු එළි දල්වයි !

colombotoday

වැලිසර ළය රෝහලෙන් කොවිඩ් රෝගියෙකු පලා යයි

colombotoday

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

Admin