Colombo Today Local News

පොහොට්ටුව දිනවන්න ඡන්දය දෙන්නැයි දිලාන් පෙරේරා කියයි !

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය විසින් මෙවර පළාත් පාලන මැතිවණය සදහා ඉදිරිපත් කරන ලද දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව නාමයෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ නිසා එම ප‍්‍රදේශයන්හිදී තම පාක්‍ෂිකයන්ගේ සම්පුර්ණ සහයෝගය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව ඇමති ඩිලාන් පෙරේරා මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

‘නොමේරු ලාමක බබා දේශපාලනය නිසා මම දවසක ආණ්ඩු කරනකම් මේ රටේ අපි විපක්ෂයේ ඉන්න ඕන හිරේ ඉන්න ඕන කියන ඒ ලාමක ප්‍රතිපත්තිය නිසා සාම සාකච්ඡා වලට බාධාවක් ඇති වුණා. බැසිල් රාජපක්ෂ මැතිතුමා තමාගැන විතරක් හිතන එක තමන්ගේ සහෝදරයන් ගැනවත් හිතන්නේ නැති එක අපිට විශාල බාධාවක් වුණා.

සාත්තරකාරයෙක් කියන අනාවැකියක් අහගෙන මම රටේ අගමැති වෙනවා කියන සිහිනයෙන් ඉන්න ඌරු මියෙකුගේ ඇග සහිත දේශපාලනය කරන මොලේ නැති එකෙක් නිසා මේ සාකච්ඡාවලට බාධා වුණා.

මම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සාම සාකච්ඡා බිද වට්ටලා උඹලා කරේ අපි ආදරය කරන මහින්ද මහත්තයාව මේ ඡන්දෙන් පස්සේ ගෙදර යවලා, ගෝඨාභය මහත්තයා හිරේ යවලා, බැසිල් මහත්තයාව රජ ගෙදර අරින වැඩ පිළිවෙළයි උඹලා මේ කරේ. ඒක හරියන්නේ නෑ. අන්න ඒ ප්ලෑන් සේරම කඩාකප්පල් කරලා අපි එකතු වෙන්න ඕන.

යූඑන්පීය බලය ඇල්ලුවොත් වැඩිපුර ප්‍රදේශිය සභා ගාණක ගෝඨාභය මහත්තයා හිරේ දානවමයි. අපි බබාට කියනවා බබ දුමින්දද අපි කියනවා දුමින්දට උබේ බබා දේශපාලනය නවත්තපන්. බබා නාමල් ද අපි කියනවා උබේ ලපටි නොමේරු දේශපාලන වැඩ නවත්තපන්.

අපේ පක්ෂයේ නාමයෝජනා දෙකක් ප්‍රතිකේෂ්ප වුණා දෙහිඅත්තකණ්ඩියේ හා පදියතලාවේදි. දෙහිඅත්තකණ්ඩියේ හා පදියතලාවේ ඉන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනා අපේ නාමයෝජනා පත්‍ර ප්‍රතිකේෂ්ප වුණ නිසා එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න පුළුවන් ජී එල් පීරිසේගේ පක්ෂයට’ යයිද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහිදී කියා සිටියේය.

Related posts

“ඇමතිවරුන්ට අවශ්‍ය පරිදි අධිකරණ පිහිටුවන්න බෑ” – අධිකරණ සංවිධාන සංශෝධන පනතට හිටපු ජනපතිගේ විරෝධය

colombotoday

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව තවත් භූ කම්පනයක්

colombotoday

පැය අටේ වැඩමුරය ජයගත් 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

Admin

මහකනදරා වැව් ජලය හොර පාරෙන් උතුරට…

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් ගැන ජනපතිතුමා බලාගනී.. දිය යුතු උපරිම දඩුවම දෙනවා – ලක්ෂ්මන් යාපා

colombotoday

ආබාධිත රණවිරු ප්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ ලාංකික දේශප්‍රේමීන් විරෝධයේ !

colombotoday