Colombo Today Local News

මුං වගාව බේරා ගන්න ගිය ගොවියා ගින්නට බිලි වෙයි

වෙල්යායක ඉපනැල්ලට තැබූ ගින්දර නිවීමට එහි ගිය ගොවියකු ගින්නට හසුවීමෙන් මියගොස් තිබේ.

ගින්දර නිවීමට එහි ගිය හැට හත් හැවිරිදි දෙදරු පියකු මෙලෙස ගින්නට හසුවී පිලිස්සීමෙන් මියගොස් ඇති බව හුංගම පොලීසිය කියයි.

ලුනම පදිංචි වීරසිංහ පට්ටිය ගමගේ ප්‍රේමදාස යන අය මෙලෙස ගින්නට හසු වී මිය ගොස් තිබේ.

ලුනම වැව යටතේ වගා කෙරෙන කුඹුරුයාය ඉපනැල්ලට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර එම කුඹුරු යායේ ම තවත් කොටසක මුන් ඇට වගාව ආරම්භ කර ඇති හෙයින් මුන් ඇට වගාව ට ගින්න හසු වේ යැයි සිතා තවත් පුද්ගලයකු මියගිය අයගේ නිවසට පැමිණ කිහිප වතාවක් ගින්න නිවන ලෙසට දන්වා ඇත. ඒ අනුව ගිනිගත් වෙල්යායට ගිය මෙම පුද්ගලයා ගින්න නිවීමට උත්සාහ දැරීමේදී ගින්නට හසුවී පිලිස්සීමෙන්මියගොස් තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

අකාර්යක්ෂම නගර සභාව ව්‍යාපාරිකයන් රකිද්දි කුණු ගඳ ගහන මහනුවර ඇල මාර්ග

colombotoday

සියලුම ප්‍රදේශවල හුදකලා බව ඉවත් කෙරේ

colombotoday

මැතිවරණ නිලධාරීන්ට මේවා ගෙනාවොත් වැඩ වරදියි

colombotoday

ජනවාරි 8 කළු සිකුරාදා ලෙස නම් කරයි.. ගම්මන්පිල සහ සගයොත් කළුපැහැ ගනී

colombotoday

වාහන ආනයන කරුවන්ගේ සංගමයක් ඇමතිගේ මුදලට විකිණේ ?

colombotoday

“බන්ධුන ගුණවර්ධනලා එළියෙ බැන්නාට නව ව්‍යවස්ථාව සකසන්න සහය දෙනවා“- ලාල් විජේනායක

colombotoday