Colombo Today Local News

පුංචි ඡන්දයට එරෙහිව නඩු දමා ඇත්තේ ඇමති ෆයිසර්ගේම ගෝලයෙක්… ඡන්දය කල් දැමීමේ තවත් මගඩියක් !

බහු ආසන නම් කිරීමේදී පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා බලතල ඉක්මවා කටයුතු කර ඇති බවත්, බහු ආසන නම් කරමින් ඇමැතිවරයා විසින් 2017 පෙබරවාරි 17 දින නිකුත් කළ 2006/44 දරන ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි ඉල්ලා හයදෙනකු විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙන අතර එම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ කණිෂ්ඨ නීතීඥවරයෙක් ලෙස කටයුතු කළ එම්.එන්. සහීර් නමැති නීතීඥවරයෙකු බව වාර්තා වෙයි.

එනිසා මෙය බොහෝ දුරට මැතිවරණය කල් දැමීමේ යටි අරමුණ ඇතිව ආණ්ඩුව විසින්ම ආණ්ඩුවට එරෙහිව කළ රිට් ආඥා ඉල්ලීමක් විය හැකි යැයිද නිතී ක්ෂේත්‍රයේ කතා බහට ලක්වෙති.

ගැසට් පත‍්‍රය ප‍්‍රකාශයට පත් කර මාස නවයකින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමෙන්ම මෙම ඉල්ලීම සද්බාවයෙන් කරන ලද්දක් නොවන බව පෙනී යන්නේ යයි නීතීඥ සාගර කාරියවසම් මහතා සදහන් කරයි.

Related posts

කොටි කොඩි, ලාංඡන නෑ… නීතියේ කනෙන් රිංගා මෙවර අමුතු විදිහකට මහවිරු සමරපු හැටි !

colombotoday

ජනපති – සන්ධාන මන්ත්‍රී හමුවේ තීන්දු මෙන්න

colombotoday

ඊලෝන් මස්ක් පසුකල ජෙෆ් බේසොස්

Admin

වාසුට පොල්ල තබා නිරෝශන් සජිත්ට සෙට් වෙයි

Admin

සතොසෙන් පොල් තුනයි හාල් පහයි

Admin

බසයක් පෙරලී 5කට තුවාල

Admin