Colombo Today Local News

“ප‍්‍රභාකරන් තමවත් ජීවතුන් අතරයි.. වෙන නායකයෙක් අපට නෑ” – එජාප ඇමතිනී විජයකලා

ප්‍රභාකරන් මිය ගිය බව පිළිගැනීමට නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා අද සමස්ත ශ්‍රී ලංකේය දෙමළ ප්‍රජාවගේම නායකයා බවත් ඔහුගේ නායකත්වය සියලු දෙනා පිළිගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පැවැසීය.

ඇය මේ අදහස් පල කළේ යාපනයේ ඇයගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය.

යුද්ධය ඉවර කළා කියලා කිව්වට ඇත්තටම ප්‍රභාකරන් මැරුණද එහෙමත් නැතිනම් තවමත් ජීවතුන් අතර ඉන්නවාද කියලා දෙමළ මිනිසුන් අතර දෙගිඩියාවක් තිබෙන බව පැවැසූ ඇමැතිණිය සත්‍ය වශයෙන්ම ප්‍රභාකරන් මිය ගියාද නැතිනම් තවමත් ජීවත් වෙනවාද යන්න රජය විසින් තහවුරු කළ බව පැවැසීය.

ඒ සඳහා කළ යුතු හොඳම දේ ප්‍රභාකරන්ගේ මරණ සහතිකය නිකුත් කිරීම බව පෙන්වා දුන් ඇය එය කළොත් පමණක් දෙමළ ජනතාව ප්‍රභාකරන් මිය ගිය බව පිළිගන්නා බව පැවැසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් විජයකලා මහේෂ්වරන් මහත්මිය,

“අද අපේ නායකා විදිහට ඉන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මහත්තයා. රට තුළත් රටෙන් පිටත් ජීවත් වන දෙමළ ජනතාව අතරත් ඔහු තමයි අද නායකයකු ලෙස බිහිවෙලා ඉන්නේ.

එතුමා තමයි අද ආණ්ඩුවත් එක්ක කැපකිරීම් කරමින් සහජීවනයෙන් වැඩ කරන්නේ. ඒ නිසා උතුරු නැගෙනහිරට අපි වෙන නායකයෙක් බලාපොරොත්තු වෙන්නේ නෑ. වෙන නායකයෙක් බිහි වෙනවනම් ඒක වෙන්න තව අවුරුදු 30ක් 35ක් යයි.

සම්බන්ධන් හරහා තමයි අපි බලාපොරොත්තු වන විසදුම ලබාගන්න ඕන. අපි අයෙත් මේ සංසාරේ කවදාවත් යුද්දෙකට යන්නේ නෑ. ඒක බොරු දෙයක්. උතුර නැගෙනහිර දෙක එකතු වෙන්න ඕන කියන එක තමයි අපේ ප්‍රතිපත්තිය. ප්‍රභාකරන්ගේ තිබ්බ මතයත් ඒක ම තමයි.

ඒක නිසා උතුරු නැගෙනහිර සුලු පක්ෂ ආරවුල් ඇති කරගන්නේ නැතිව සම්බන්දන්ගේ නායකත්වය යටතේ අපි ඔක්කෝම එකට වැඩකරලා 2020 තුළදී විසදුමක් ලබා ගැනීමට සියලු දෙනාඅවදියෙන් ඉන්න ඕන..” යනුවෙන් ඇය පැවැසීය.

Related posts

තියෙනවයි කියූ ගම් මට්ටමත්, බිම් මට්ටමත් සජිත්ට නෑ… බෞද්ධයන් 75% අපට විරුද්ධයි !

colombotoday

මහින්දට විරෝධයා පා මැලේසියා කොටි සෙන්ටුල් බෞද්ධ විහාරයට පහරදෙයි !

colombotoday

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක්

colombotoday

ළමයින් තලා පෙළන රියැලිටි වැඩසටහන්වලට තිත ?

colombotoday

සමහර ඇමතිවරුන්ට අමාත්‍යාංශ සින්නකරවම ලියලා දීලා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday

දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි.. කිසිසේත් හුමාලය ආග්‍රානය නොකරන්න

colombotoday