Colombo Today Local News

බියර් මිළ අඩු කිරීම ගැන ජනපති කනස්සල්ලෙන් !

අය-වැයෙන් බියර් මිල අඩු කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද කනස්සල්ල පළකළ බවත් එසේ වුවත් මත්පැන්වල සම්මත සැර ප්‍රමාණයන්ට අනුව විද්‍යාත්මක බදු ක්‍රමයක් සකස් කිරීමේදී බියර් වැනි මත්පැන්වල මිල පහළයෑම සිදුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී ලක්බිම යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් පැවැසීය.

අයවැය ‍ලේඛනයේ හොඳ සහ නරක  කොතෙකුත් තිබුණත් සියලුදෙනාම බියර් මිල පහළ යෑම අල්ලාගෙන කැගහන බවද ඇමැතිවරයා පැවැසීය. ගම්වල දරුවන් බියර්වලට ඇබ්බැහිවීමක් මේ නිසා සිදු නොවන බවත් මීට වඩා මෙසේ මත්ද්‍රව්‍යවලට තරුණයන් ගොදුරු වී ඇති බවත් ඒ මහතා පැවැසීය. ඒ නිසා ඒවා මැඩලීමට පියවර ගත යුතු බවද කීය.

බියර්මිල අඩුවීම සම්බන්ධයෙන් තමාද පෞද්ගලිකව විරුද්ධ වුවත් රජය කිසිසේත් බියර් මිල වැඩි නොකරනු ඇති බවයි. බියර් මිල වැඩි කිරීමට අවශ්‍ය නම් මත්පැන් සැර සම්බන්ධයෙන් නිශ්චිත සූත්‍රයක් සාදා තමා වෙත ඉදිරිපත් කරන ලෙසද මේ පිළිබඳව දිගින් දිගටම ලක්බිම ඇමැතිවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පැවැසීය.

Related posts

ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය යටවර බණ්ඩාරගේ දේහය දිවයිනට

Admin

සහරාන්ගේ තවත් ගෝලයේ අත්අඩංගුවට

colombotoday

IMF දෙවැනි වාරිකය ලැබීම ආයෝජකයන්ට ධනාත්මක පණිවිඩයක් – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

ශ්‍රී මහා බෝ මලුව අඩියක් ගහන්න ඉල්ලු, ඩබ්. ජයසිරි ජනපති අතින් සම්මාන ගැනීමට බෑ කියයි

colombotoday

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday

විජයකලා පිටුපස කලු කොටියෙක්.. මාධ්‍යට ගොරවයි !

colombotoday