Colombo Today Local News

ශ්‍රී ලංකාව – මියන්මාරය කේන්ද්‍රකරගෙන නව ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් බිහි වේ !

ශ්‍රී ලංකාව හා මියන්මාරය කෙන්ද්‍රකරගෙන නව ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ගොඩ නැගීම සදහා දෙරටේ බෞද්ධ සංවිධාන නායකයන් එකගතාවකට පැමිණ තිබෙන බව වාර්තා වනවා.

ලෝක බෞද්ධ ප්‍රජාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සාමුහිකව පෙනී සිටීම සදහා චීනය, ජපානය ප්‍රමුඛ අනෙකුත් බෞද්ධ රාජ්‍යයන්ගේ එකමුතුවෙන් මෙම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය ගොඩනැගීමට යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකාව හා මියන්මාරයේ මූලිකත්වයෙන් ගොඩනගන මෙම ජාත්‍යන්තර එකමුතුවේ සංවිධාන කටයුතු සදහා තායිලන්තය, වියට්නාමය, ලාඕස්, කාම්භෝජය, ඇතුළු බෞද්ධ රටවල දේශපාලන නායකයන්, බෞද්ධ සංවිධාන ක්‍රියාකාරීන් සහ යුරෝපීය හා ඇමරිකානු බෞද්ධ ප්‍රජාව සමගද සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

ඇමති මණ්ඩලේ තවත් බරවෙයි… ප්‍රියංකර ජයරත්න අලුත් ඇමති ධුරයක අද දිවුරයි

colombotoday

ආහාර සිරවූ සිඟිත්තියක් මව රෝගී වීමෙන් මිය යයි

Admin

ලිංගික අඩන්තේට්ටම් යටතේ පූජිතට තවත් නඩුවක් – උප පොලිස් පරීක්ෂකවරියකට තර්ජනය කරලා

colombotoday

මුඛ ආවරණය ගැන ඇසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තඩිබාල

colombotoday

ගංවතුරෙන් මියගිය ගණන 300 වැඩියි… අපේ පෙර සූදානම නොවෙන්න 1000කට වඩා මිය යනවා

colombotoday

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කරයි

colombotoday