Colombo Today Local News

සුභසාධක ගෙවීම් ජූනි මාසයේ සිට… ගෙවීම් සිදුකෙරෙන්නේ මෙහෙමයි

සුභසාධක ගෙවීම් සිදුකිරීම ලබන ජූනි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කරන්නේ, නිවාස ඒකක තිස්දෙලක්ෂයකට අධික ප්‍රමාණයක අයදුම්පත් පරීක්ෂා කර සංගණන කටයුතු අවසන් කර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා,

“ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන තැනැත්තන්ගේ ලැයිස්තුව හදාගන්නවා. ඒ ලැයිස්තුව හදාගත්තට පස්සේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, ග්‍රාම නිලධාරී කාර්යාල මට්ටමින් ප්‍රදර්ශනය කරනවා. ඒ ප්‍රදර්ශනය කරන්නේ, පනතේ විධිවිධාන අනුව අභියාචනා සහ විරෝධතා සඳහා අවස්ථාවක් ලබාදිය යුතු හින්දා. ඒ අනුව දවස් 10ක කාලයක් අභියාචනා සහ විරෝධතාවලට කාලය ලබාදෙනවා. එසේ ලැබෙන විරෝධතා සහ අභියාචනා දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා විසින් පත්කරනු ලබන ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභියාචනා සහ විරෝධතා පරීක්ෂා කිරීමේ අභියාචනා විරෝධතා කමිටුව විසින් පිළිගෙන සොයාබලා සුබසාදක පත්‍ර දාපු මණ්ඩලයට නිර්දේශයක් කරනු ලබනවා. ඒ නිර්දේශය කිරීමෙන් පසු අපි ලබන ජුලි මාසයේදී දීමනා ගෙවීමට සැලසුම් කරලා තියෙනවා.”

Related posts

EPF – ETF ගැන වැඩ සම්මුතියෙන්

colombotoday

ඩීසල් මිල වැඩි වුනත් බස් ගාස්තු සංශෝධනයක් නෑ..

Admin

පොලිස් නිලධාරියෙක් දුන් දඩ කොලේට වෙනත් නිලධාරියෙකුට ට පොරෝ පහරක්

colombotoday

ලක්ෂ 70ක විදුලි බිල ගැන ඇමති කෙහෙළිය කියන කතාව

colombotoday

අධිකරණයට භාර වූ නීතිඥ නුවන් බෝපගේ ඇප මත මුදා හරී

Admin

“පක්ෂය විනාශ කරන ඩීල් කාරයේ දෙදෙනෙක්” ගැන එජාප මන්ත්‍රී හේෂා විතානගේ හෙළිකරයි

colombotoday