Colombo Today Local News

පොලිස් නිලධාරියෙක් දුන් දඩ කොලේට වෙනත් නිලධාරියෙකුට ට පොරෝ පහරක්

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක්ට අද (05) පෙරවරුවේ පුද්ගලයෙකු විසින් පොරෝ පහරක් එල්ල කර තිබේ.

හිසට එල්ල කර තිබූ පොරෝ පහර එම නිලධාරියාගේ ගෙල ආසන්නයේ පිට ප්‍රදේශයට වැදී ඇත.

සිද්ධියට මුහුණ දී ඇත්තේ අම්බලන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකි.

තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වනවිට හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

අම්බලන්තොට නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී අද පෙරවරු කාලයේ මෙම සිද්ධිය සිදුවී තිබේ.

පොලිස් නිලධාරියාට පොරෝ පහර එල්ල කිරීමෙන් අනතුරුව අදාළ සැකකරු වස පානය කර ඇත.

ඒ අනුව ඔහුව ද අම්බලන්තොට රෝහලට ඇතුළත් කර තිබුණි.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සැකකරුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

පසුගිය ජනවාරි මස 25 වනදා බීමත්ව රිය පැදවීමේ වරදට අම්බලන්තොට පොලීසියේ නිලධාරියෙක් විසින් සැකකරුට දඩ පත්‍රිකාවක් නිකුත්කිරීම හේතුවෙන් උරණවී සිටි සැකකරු මෙම පහරදීම සිදුකළ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

නමුත් පොරෝ පහර එල්ලවී තිබුණේ දඩ පත්‍රිකාව නිකුත් කළ නිලධාරියාට සමනා වෙනත් නිලධාරියෙක් වෙතය.

Related posts

“ලසන්ත ඝාතනය කළේ ෆොන්සේකා“ අගමැති මීට පෙර කළ ප්‍රකාශය එක්ක 5000% මා එකගයි

colombotoday

කැනඩාවට සිංහලෙන් ගර්ජනා. ඉංග්‍රීසියෙන් ආයාචනා. | පිනට මන්ත්‍රී වූ සුරේන් රඝවන්ගේ දෙබිඩි කතා.

colombotoday

ඥානසාර හිමිට එරෙහි අභියාචනාධිකරණ නඩුව කල් යයි. එක්නැලිගොඩ නඩුවට අදත් උසාවියේ

colombotoday

ජනාධිපතිගේ ඉතිහාස පාඩම සහ අනාගත අභියෝගය

Admin

මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විෂ කිරි පැකට් බෙදුවේ නෑලු

colombotoday

සභාපති වජිර අඹේවර්ධන. මහ ලේකම් රංගේ බණ්ඩාර. නායක ? | එජාපයේ වෙනස් වුනු තනතුරු

colombotoday