Colombo Today Local News

අධිකරණයට භාර වූ නීතිඥ නුවන් බෝපගේ ඇප මත මුදා හරී

අධිකරණයට භාර වූ නීතීඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය අද (17)දින නියෝග කර තිබේ.

ඒ, සැකකරු කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

පසුගිය ජුනි 09 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 59 වන සැකකරු ලෙස නිතීඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබුණි.

මිට දින කිහිපයකට පෙර ඔහුව එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළ අතර, නීතීඥවරුන් කළ දැනුම්දීම අනුව නුවන් බෝපගේ මහතා අද(17)දින අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

Related posts

විජය රජතුමා ලංකාවට පැමිණි බවට කිසිම සාක්ෂියක් නැහැ – මහාචාර්ය රාජ් සෝමදේව

colombotoday

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

colombotoday

යාපනයට තිබෙන එකම විමුක්තිය ඉගෙනීමයි – ආණ්ඩුකාරයා කියයි

colombotoday

ඩෙංගු නිහඩ කළ සිංහල කොල්ලා

colombotoday

එක්සත් ජාතීන්ගෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360ක්

Admin

“ලෝක හොරු අල්ලන්න FCID ඕනමයි.. වහන්නෙත් නැ, වහන්න දෙන්නෙත් නෑ” – නි.ඇමති අජිත්

colombotoday