Colombo Today Local News

“පක්ෂය විනාශ කරන ඩීල් කාරයේ දෙදෙනෙක්” ගැන එජාප මන්ත්‍රී හේෂා විතානගේ හෙළිකරයි

එක්සත්ජාතික පක්ෂයට බිම් මට්ටමේ තිබුණු ජව සම්පන්නකම මේ වෙනකොට කඩා වැටී අවසන් බවත් පක්ෂය තුළ ඉන්නා ජනතා ඡන්දයකින් පාර්ලිමේන්තු පැමිණිය නොහැකි ඩීල් කාරයන් දෙනෙක් පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා සඳහන් කරයි.

ඒ මහතා සති අන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර එම කොටස පහතින් පල වේ…

“පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් මෙතරම් වදවෙන්නේ ඇයි? ප්‍රශ්නය තියෙන්නේ කොතැනද..?

පිටුපස්සේ ඉඳගෙන එක්සත් ජාතික පක්ෂය විනාශ කරන මෙහි සාරය උරාබොන කිහිපදෙනෙක් ඉන්නවා. අන්න එම පිරිසගෙන් මෙම පක්ෂය බේරාගැනීමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ විනාශකාරි පිරිස පැත්තකින් තියලා අනෙක් සියලුම දෙනා එකතු කරගෙන ජයග්‍රාහි ගමනක් එක්සත් ජාතික පක්ෂයට ගමන් කිරීමටයි අපි වෙහෙසෙන්නේ.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ මෙහෙයුමක් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් විසින් පසුගිය දිනවල ක්‍රියාත්මක කළා නේද..?

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පන්නන්න හැදුවා. තවත් කෙනකු ගේන්න හැදුවා කියලා එක එක කතා ප්‍රචාරය වුණා. කිසි කෙනෙක් පන්නන්නවත් කිසි කෙනකු ගේන්නටත් නොවෙයි අපට අවශ්‍ය වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සාරය උරාබොමින් පක්ෂය විනාශ කරන සුළු පිරිසක් ඉවත් කරන්නයි අපි කටයුතු කරන්නේ. පක්ෂය විනාශ කරලා තම බඩ වඩාගන්න, සාක්කු පුරවා ගන්න කණ්ඩායම ඉවත් කරන්න ඕන.

පක්ෂය විනාශ කරගෙන බඩ වඩා ගනිමින් සාක්කු පුරවාගන්න කට්ටිය ඉන්නේ කොහේද..?

මේ පක්ෂයේ ඉන්නවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පිටුපස්සේ මේගොල්ලන් ඉන්නවා. මේ කණ්ඩායමට ජනතාවගේ ඡන්දයකින් කවදාවත්ම පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්නේ නැහැ. මේගොල්ලන්ට කිසිම ජනතා විශ්වාසයක් නැහැ. අතීතයේ ඉඳලාම කටයුතු කළේ ඩීල්වලින්. දැනුත් සිදුකරමින් ඉන්නේ ඩීල් දාන එක. මේ ඩීල්කාරයන් ඉවත් කරලා එක්සත් ජාතික පක්ෂයට නිදහසේ ගමන් කළ හැකි තත්ත්වයක් ඇති කළ යුතුයි.

ඔබ මේ චෝදනාව එල්ල කරන්නේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයාටද..?

මං මේ වෙලාවේ කාගෙවත් නම් කියන්න කැමැති නැහැ. මං කනිෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. මේ රටේ මිනිස්සු, එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම දන්නවා, මං මේ කියන්නේ කාටද? එම කණ්ඩායමට අයත් වෙන්නේ කවුද කියලා.

ඔබ ඔය චෝදනා කරන කණ්ඩායමට කීදෙනකු පමණ ඉන්නවාද..?

ප්‍රධාන වශයෙන් ඉන්නේ දෙන්නයි. දෙන්නෙක් වුණාට ඒ දෙන්නාටම පුළුවන් මුළු එක්සත් ජාතික පක්ෂයම විනාශ කරන්න.

මේ වෙනකොටත් ඔබ විනාශකාරීන් ලෙස හඳුන්වන කණ්ඩායමට අවශ්‍ය විදිහටද එක්සත් ජාතික පක්ෂයේ කටයුතු සිදුවෙන්නේ..?

පසුගිය කාලය වෙනකම්ම වැඩකටයුතු සිදුවුණේ ඔවුන්ට අවශ්‍ය විදිහටයි. නමුත් අද වනවිට එහි යම් සමනය වීමක් තිබෙනවා. අගමැතිතුමා නිවැරැදි ආකාරයට පක්ෂය ඉදිරියට ගෙන යයි කියලා අපි හිතනවා.

පක්ෂය නිවැරැදිව ඉදිරියට ගෙන යෑම සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කළ යුත්තේ කුමක්ද..?

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටම අද පවතින්නේ එතරම් යහපත් තත්ත්වයක නොවෙයි. ග්‍රාමීය ප්‍රදේශවල, ඒ වගේම බිම් මට්ටමේ එක්සත්ජාතික පක්ෂයට තිබුණු ජව සම්පන්නකම මේ වෙනකොට කඩාගෙන වැටිලා තියෙනවා. ඒක නැඟිට්ටවන්න නම් අපි හරි තැනකින් පටන්ගත යුතුයි. ඒක ඉහළ සිට පහළට පටන්ගත යුතුයි. චරිත පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව වඩාත් විශ්වාසවන්ත ආකාරයකට මෙම ප්‍රතිසංවිධාන කටයුතු සිදුකළ යුතුයි.”

Related posts

අද පත් වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්

colombotoday

නොවැම්බර් 10ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස්වෙනවා…

colombotoday

හාමුදුරුවරුන්ගේ කහ කුඩ, හමුදා ඇදුම්, ඇමෝනියා ඇතුළු සැක බඩු තොගයක් පන්නල ඇලබඩගම මුස්ලිම් ගම්මානයෙන් අල්ලයි…

colombotoday

අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි

colombotoday

අමාත්‍යාංශ 38ක් අසාර්ථකයි.. වරද ලේකම්වරුන් පිට පැටවෙයි.. වැඩබැරි ඇමතිලා ශුද්දයි !!

colombotoday

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී.. ‘ජාතිවාදීන්’ හිරේ දමන පනත තාවකාලිකව නවතී

colombotoday