Colombo Today Local News

අනතුරක් කර පලා ආ පුතු ත්‍රිවිලය මහවැලියට පෙරලලා

පේරාදෙණිය ප්‍රදේශයේදී අනතුරක් සිදු කර පලාවිත් කටුගස්තොට දී එම ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමා පලාගිය ගිය බව කියන ත්‍රිරෝද රථ රියැදුරා සොයා පේරාදෙණිය සහ කටුගස්තොට පොලීසි ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සැකකරු රිය පැදවීමේ බලපත්‍රයක් ද නොමැතිව තම පියාගේ ත්‍රීරෝද රථය පේරාදෙණිය නගරයේ දී පදිකයකු අනතුරට ලක් කොට පලාගොස් කටුගස්තොට නවයාලතැන්න මහවැලි නදිය හරහා ඇති දුම්රිය පාලම අසලදී එම ත්‍රීරෝද රථය මහවැලි ගඟට පෙරලා දමා ඇති අතර එසේ පෙරළා දැමූ ත්‍රීරෝද රථය කටුගස්තොට පොලීසිය සොයා ගැනීමෙන් අනතුරුව ඊට අදාළ විමර්ශන ආරම්භ කොට ඇත.

සකකරු අනතුරින් පසු ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමන අයුරු ඒ අසල තිබූ ආවේක්ෂණ කැමරාවල සටහන්ව තිබෙන බව පවසන පොලිසිය තීරෝද රථයේ ලියාපදිංචි අංකය අනුව එහි හිමිකරු පේරාදෙණිය ප්‍රදේශයේදී සොයාගෙන ඇති අතර අදාල ත්‍රීරෝද රථය ඔහුගේ පුතා පැද වූ බව ද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

Related posts

එජාප ප්‍රබල ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට යයි !

colombotoday

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday

පියාගේ පොලු පහරින් පුතු මරු දකී

colombotoday

සාගල, අකිල අතටර හරීනුත් එයි.. එජාපයේ ලොකු තැනක් වෙනුවෙන් තුන්කොන් සටනක් !

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

colombotoday

බූස්සේ සිරකරුවෙක් පලායයි

colombotoday