Colombo Today Local News

ATM කාඩ් වලට විද්ද තරුණයෙක් අත්අඩංගුවට

ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කාඩ්පත් 15ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට මුදල් ලබා ගැනීම සඳහා සහය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකය ලබා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

පසුව අදාළ පුද්ගලයාට මුදල් සමග සැකකරු සතුව තිබෙන ව්‍යාජ කාඩ්පතක් ලබාදී නිවැරදි කාඩ්පත ඔහු සතුව තබා ගනිමින් පසුව මුදල් ලබාගැනීම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පිළියන්දල, කොට්ටාව, දෙහිවල, මිරිහාන සහ මහරගම ඇතුළු පොලිස් ස්ථාන වෙත ලැබුණු පැමිණිලි 50ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඊයේ (10)දින සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.

Related posts

රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

colombotoday

ආගමික ස්ථානවලට හිමි වත්කම් හා දේපොළ ගැන තොරතුරු ගන්න තීරණයක්

Admin

පාස්කු ප්‍රහාරයට ඊශ්‍රායල් බුද්ධි අංශ සම්බන්ධයි | රවුෆ් හකීම් ගේ නව සොයා ගැනීම

colombotoday

අද සිට බිත්තර අලෙවි කළ හැකි මිල මෙන්න

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

රාජිත හමාරයි, ඉහළ තැනකින් ඩීල් වමාරයි.. නැව් පිටින් ගිල්ල හැටි පත්තරේ විස්තරේ මෙහෙමයි

colombotoday