World

විකිරණශීලි සුනාමියක් ඇති කළ හැකි ඩ්‍රෝනයක් උතුරු කොරියාවෙන්

විකිරණශීලි සුනාමියක් ඇති කළ හැකි න්‍යෂ්ටික බලය සහිත දිය යට ක්‍රියා කරන ඩ්‍රෝනයක් උතුරු කොරියාව අත්හදා බලා තිබේ.මෙම ඩ්‍රෝන යානාවට දිය යටින් ගොස් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද තිබේ.

පසුගිය 21 සිට 23 දක්වා පැවති අවි අත්හදා බැලීම් මාලාවක් අතරතුර දී මෙම දියයට ඩ්‍රෝන යානාව උතුරු කොරියාව අත්හදා බලා ඇත.මෙම ඩ්‍රෝන යානාව පැය 60 ක පමණ කාලයක් දිය යට අත්හදා බැලීමෙන් අනතුරුව නැගෙනහිර වෙරළේදී පුපුරුවා හැර තිබේ.

මෙම උපාය මාර්ගික ඩ්‍රෝන අවිය නිපදවීමේ අරමුණ වන්නේ සතුරු සීමාවට සතුරන්ට නොදැනෙන පරිදි ඇතුළු වී විකිරණශීලි සුනාමියක් ඇති කිරීමෙන් සතුරු ඉලක්ක විනාශ කර දැමීම බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

මියන්මාර් උද්ඝෝෂකයින්ට ආරක්ෂක හමුදාවෙන් වෙඩි – 38ක් මරු දකී

colombotoday

ගවයින් 5800ක් සහ සේවකයින් 43ක් සමග නෞකාවක් අතුරුදහන්

colombotoday

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

colombotoday

ඇපල් ස්ටෝර් අලෙවිසැලක් පළමු වෘත්තිය සමිතිය පිහිටුවයි

colombotoday

ඇමරිකාව ගිනියම් වෙයි – හිටපු ජනපති ඔබාමාගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

ඉරානය කිලෝමීටර් 1700 ක් දුර යන අලුත් මිසයිලයක් අත්හදා බලයි

colombotoday