World

සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇමෙරිකාව වේගවත් කරයි

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ නියෝගයට අනුව එරටින් සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කර ඇත. පළමුව පිළිගත හැකි ලියවිලි රහිතව ඇමෙරිකාවේ රැඳී සිටින්නන් සහ වෙනත් සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් පිටුවහල් කෙරෙනු ඇත. ඇමෙරිකානු වාර්තාවලට අනුව දැනට එරට නීති විරෝධීව රැඳී සිටින පිරිස මිලියන 11ක් බව පැවසේ. ඔබාමා පාලනය සමයේ ඇමෙරිකාවට ඇතුළුව ඇති ළමුන්ගේ ආරක්ෂාව මත රැඳී සිටීමට දී තිබූ අවසරය එලෙසම පවත්වාගෙන යාමට තීරණය වී ඇත. කුඩා කාලයේ ඇමෙරිකාවට පැමිණ ඇති ළමුන් පිරිස වාර්තාවට අනුව 750,000කි.

මෙම පිටුවහල් කිරීම සඳහා රජයට විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය ඇති හෙයින් ට්‍රම්ප් කොංග්‍රස් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනුයේ අවශ්‍යව මුදල් ලබා ගැනීමට අවසරය ලබා දෙන ලෙසය.

ඇමෙරිකාවේ ප්‍රාන්ත බලධාරීන්ට සහ ප්‍රාන්ත ‍පොලිසිවලටද මෙම කාලය තුළ දී නීත්‍යනුකූල නොවන සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ අවසරය පවරා දී ඇත.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ස්වයං නිරෝධායනයට

colombotoday

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඝාතනයට තැත් කළ ඉස්ලාම් අන්තවාදියා අල්ලයි

colombotoday

ඇපල් සමාගමෙන් iPhone 14 එළියට

colombotoday

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

colombotoday

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත කැනඩාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේ

colombotoday