Colombo Today Local News

මන්නයකින් ගෙලට පහර දී අයියා ව ඝාතනය කළ 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

කළුතර, තේක්කවත්ත, පළාතොට ප්‍රදේශයේ දී සහෝදරයෙකු ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට සැකපිට 14 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබු වැඩිමහල් සහෝදරයා ව නගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඊයේ (07) දහවල් අදාළ ඝාතනය සිදුව තිබුණි.

මියගිය පුද්ගලයා සිය බාල සහෝදරයා සමග නිවසේ සිට ඇති අතර, ඔවුන්ගේ මව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඇයගේ සැමියාවෙ බැලීමට රෝහලට ගොස් සිටිය දී අදාළ ආරවුල ඇතිව තිබේ.

එහිදී බහින්බස්වීමක් දුරදිග යෑමෙන් බාල සහෝදරයා විසින් මන්නයකින් ගෙල ප්‍රදේශයට පහර දී තිබුණි.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ, 26 හැවිරිදි අනුරුද්ධ ධනංජය ද සිල්වා නොහොත් සඳුන් යනුවෙන් හඳුන්වන ත්‍රීරෝද රථ රියදුරෙකි.

Related posts

සබීතාගේ ගොඩනැගිල්ලට බඩු ගන්න කෝටි 42ක් ඉල්ලා ඇමති දුමින්දගෙන් කැබිනට් පත්‍රිකාවක් !

colombotoday

එජාප මන්ත්‍රීවරු 8ක් තනතුරු වෙනුවට කෝටි 50 බැගින් ඉල්ලයි

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කයම පොහොට්ටුවට.. චන්ද්‍රිකාගේ අත්තනගලු බළකොටුවත් පොහොට්ටුවට

colombotoday

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

colombotoday

බස්රථවල ගීත නියාමන යෝජනාවට බස් සංගමයකින් විරෝධය…

colombotoday

එළඹෙන සිකුරාදා සිටි අවුරුදු 12න් ඉහළ දරුවන් එන්නත්කරණය අරඹෙයි

colombotoday