Colombo Today Local News

අනුරාධපුර දිස්ත්‍රික්කයම පොහොට්ටුවට.. චන්ද්‍රිකාගේ අත්තනගලු බළකොටුවත් පොහොට්ටුවට

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියළු පළාත් පාලන ආයතනයන්හි (19) බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියා සිටිති.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ තිරප්පනේ ආසනයේදී එහි සහාය හිමි වූ නාග රාජයා ලකුණ දරන කණ්ඩායම විසින් බලය තහවරු කරගෙන ඇත.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ආසන සංවිධායකත්වය දරන අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇතැයි නිළ නොවන ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ගණනය කර ඇති කොට්ඨාසවලින් බහුතරයක බලය තහවුරු කරගැනීමට පොදු ජන පෙරමුණ සමත්ව ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ආසනයේ සියළු ඡන්ද කොට්ඨාස පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති බවත්. දෙවන ස්ථානය ශ්‍රීලනිපයට  හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂයට  තෙවැනි තැන ලැබී තිබෙන බවද නිල නොළත් ආරංචි මාර්ග කියා සිටී.

 

Related posts

විභාග කොමසාරිස් ජනරාල් ධුරයට නවකයෙක්

colombotoday

යහපාලනයෙන් වැඩක් නෑ කියා නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ විපක්ෂයට එක්වෙයි

colombotoday

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

Admin

මන්නාරමදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

colombotoday