Colombo Today Local NewsHot News

“බොදු විරෝධීන් සමග එකට ඉදගෙන භික්ෂූන් මර්ධනයට පණත් හදනව. UNPය ලැජ්ජ වෙන්න ඕන” – ඤාණසාර හිමි

bbs123බෞද්ධ හා හින්දු ජනතාව බලහත්කාරයෙන් ක්‍රිස්තියානියට හරවන බොදු විරෝධී කුමන්ත්‍රණකරුවන් සමග එකට වාඩිවූ එජාප නායකයන් භික්ෂූන් වහන්සේලා මර්ධනයට අන පනත් ගෙන ඒම විහිළුවක් බවත්, ඒ පිළිබදව ඔවුන් ලැජ්ජා විය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පවසයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ ප්‍රකාශ කලේ මේ රටේ ආගමික කලකෝලාහල ඇති කිරීමේ පුරෝගාමියෙකු වූ ක්‍රිස්තියානි ෆාස්ටර්වරයෙකු වන ඇමති එරාන් වික්‍රමරත්න ගැන කතා නොකරන එජාප නායකයන් එරාන් වික්‍රමරත්නලා ප්‍රමුඛ බටහිර බොදු විරෝධී කුමන්ත්‍රණවලට එරෙහිව ක්‍රියාත්මක වන භික්ෂූන් වහන්සේලා නිහඩ කිරීමට උත්සහා දැරීම පිළිබදව ඔවුන් ලැජ්ජා විය යුතු බවයි.

(Assemblies of God) ඇමරිකානු එවැන්ජලික පල්ලියේ ලංකාවේ ප්‍රධානියා වන ඇමති එරාන් වික්‍රමරත්න යටතේ පල්ලි 400කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වන බව පැවසූ උන්වහන්සේ වැඩි දුරටත් මෙසේද ප්‍රකාශ කළා.

“යුද්ධෙන් පස්සේ උතුරේ අවතැන් වුණු මිනිස්සු හින්දුත්වය විනාශ කර ක්‍රිස්තියානියට බදවා ගැනීම සදහා මොවුන් ක්‍රියාත්මක වුණා. අද බලන්න උතුරේ තිබුණු කෝවිල් වලට මොකද වුණේ. අද කෝවිල් වලට වඩා තියන්නේ කුරුසනේ. ඒ කතෝලික පල්ලියෙන් නෙවෙයි මේ ක්‍රිස්තියානි එවැන්ජලික පල්ලි. ඒගොල්ලො තමයි බටහිර රටවල මතවාද වලට උවමනා විදිහට මේ මිනිස්සුන්ව පෙළ ගස්වන්නෙ. මොවුන් සමග එකතු වෙන අපේ රටේ නායකයෝ අපේ හාමුදුරුවරු කියන දේවල් පිළිගන්න ලෑස්ති නෑ. බෞද්ධ ගම්වලට ඇවිල්ල බෞද්ධයෝ නොසන්සුන්තාවට පත් කරලා බුදු පිළිම පාගල පොඩි කරවන්න ක්‍රියාකරවපු එරාන් වික්‍රමලත් එක්ක එකට ඉදගත්ත උදවිය භික්ෂූන් පාලනයට පනත් ගේනවා. ඒ නිසා අපි වගකීමෙන් කියනවා, මේක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක්”

උන්වහන්සේ එහිදී දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය

එම මාධ්‍ය හමුවේදී ඤාණසාර හිමියන් කළ සම්පූර්ණ කතාව

Related posts

බැඳුම්කරේට ඉදිරියේදී තවත් නඩු වැටේ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

colombotoday

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් 232ක් පොලිස් භාරයට

colombotoday

ගවයන් අතරත් පැතිර යන නව වෛරස් රෝගයක්

colombotoday

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ලෙස ඩඩ්ලි සිරිසේන ගැන ආඩම්බරයි – මැඩිල්ලේ හිමි

colombotoday

අගමැති ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනාධිපති නියෝග කරයි

colombotoday

බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 ඇරඹේ

colombotoday