Colombo Today Local News

එජාප මන්ත්‍රීවරු 8ක් තනතුරු වෙනුවට කෝටි 50 බැගින් ඉල්ලයි

තනතුරු වෙනුවට තම ආයතනයේ සංවර්ධන වැඩ කිරීමට රුපියල් කෝටි 50ක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 08 දෙනෙකු අග්‍රාමාත්‍යවරයාට ලිපියක් බාරදීමට නියමිතව ඇතැයි එම කණ්ඩායමේ සාමාජිකයෙක් දේශයට පැවසීය.

එම යෝජනාව හෙට (18) දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී බාරදීමට නියමිතව ඇතැයි ද කියති. එම මන්ත්‍රීවරුන් 08 දෙනාම අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රීධුර ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත් මීට පෙර පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා විසින් රුපියල් කෝටි 30ක මූල්‍ය ප්‍රතිපාදන සහ අධීක්ෂණ මන්ත්‍රීධුර ලබාදීමට පොරොන්දු විය. එම යෝජනාව ප්‍රතික්ෂේප කොට මෙම මන්ත්‍රීවරුන් අටදෙනා විසින් ඉහත කී යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පැවසේ

දේශය

Related posts

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්

colombotoday

අර්ජුන් අල්ලන්න වරෙන්තු නිකුත් කරනවාද, නැද්ද – තීන්දුව 09 වැනිදා

colombotoday

මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයි

Admin

බන්ධනාගාර දෙකක මරණ දඞුවම හිමිවු රැඳවියන් ආහාර වර්ජනයක

colombotoday

කොළඹට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්න – සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

colombotoday

ආයුර්වේද පනත බලාත්මකයි

Admin