Colombo Today Local News

අත්අඩංගුවේ සිටින රණවිරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා ආබාධිත සෙබළෙක් උපවාසයක

බොරු චෝදනාවන්ට දැනට සිරගත කර සිටින යුද හමුදා කමාන්ඩෝ බළකායේ හිටපු නිලධාරියකු වන සුනිල් රත්නායක මහතා ඇතුළු අනෙකුත් යුද හමුදා රණවිරුවන් වහා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා ආබාධිත හමුදා සෙබළකු විසින් ඊයේ (1දා) උදෑසන අනුරාධපුර බැංකු පෙදෙසේ ඔරලෝසු වටරවුම අසල උපවාසයක් ආරම්භ කළේය.

නාච්චාදුව වැවපාර, ඥානිකුලම, අනුරාධපුර ලිපිනයේ පදිංචි එම්.බී. වසන්ත කුමාර නමැති 42 හැවිරිදි දෙදරු පියකු වන ආබාධිත සෙබළා සිය සගයන්ට නිදහස දෙන්නැයි ඉල්ලමින් උපවාසය ආරම්භ කර තිබිණි. එහිදී අදහස් දැක්වූ වසන්ත කුමාර මහතා, උතුරේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දෙවතාවක් මා එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වුණා. ප්‍රහාර නිසා මගේ පාදයක් ආබාධයට ලක්ව තිබෙනවා. මේ රට බේරාගැනීමට මරණය අබියස සිට ලේ, කඳුළු, දහදිය හෙළුෑ ජාතික වීරයන් වූ රණවිරුවන් සිරගත කර තැබීම හා එල්ලා මැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මා ක්‍රියාන්විත රාජකාරියේ සේවය කළ ආබාධිත රණවිරුවකු ලෙස දැඩිව විරුද්ධ වෙනවා.

මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටින්නේ හමුදා නිලධාරි සුනිල් රත්නායක මහතා ඇතුළුව බොරු චෝදනාවලට සිරගත කර සිටින ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි සියලුම රණවිරුවන් පෙබරවාරි හතරදාට යෙදෙන නිදහස් දිනයට පෙර හෝ එදිනට නිදහස් කර දෙන ලෙසයි. එදිනට මොවුන්ට නිදහස නොලැබුණහොත් පෙබරවාරි 4දා සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තමන් කටයුතු කරනවා යැයි ඔහු පැවැසුවේය.

Related posts

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

colombotoday

යාපනේ සියළු අවතැන් කදවුරු ඉවතට.. අවතැන්වූවන්ට හමුදාවෙන් නිවාස !

colombotoday

දෙමවුපියන්ට සහනයක්… පාසල් වෑන් ගාස්තුත් අඩුවෙයි

Admin

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය කපයි

Admin

ඇප පනත උල්ලංඝනය කර සසිදරන්ට ඇප දුන්නේ කොහොමද? උතුරේ තවමත් ඊළාම් උසාවි !

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරන මහා පරිමාණ ජාවාරමක් හෙළිවේ.. එජාප මන්ත්‍රීගේ බවුසරය සහ ගෝලයේ අතේ මාට්ටු

colombotoday