Colombo Today Local News

මහ බැංකුවේ හොරකමක් වී ඇතැයි හදුන්නෙත්ති කීවා.. එනිසා ඔහු කෝප් සභාපතිකමට සුදුසු නෑ

sujeewa senasingheජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පක්‍ෂග‍්‍රාහී බවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතීත්වයට සුදුසු නැති බවත් නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ව පළමු වරට ප‍්‍රසිද්ධියේ අදහස් හෙලි කලේ ඔහු බැවින් හදුන්නෙත්ති මහතා කෝප් කමිටු සභාපති ධුරය දැරීම සුදුසු නැතැයිද ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඊට පිලිතුරැ ලෙස ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත් කියා සිටියේ ඒ අර්ථයෙන්ම මහ බැංකු බැදුම්කර සිදුවීම නිවැරදි බව ප‍්‍රසිද්ධයේ කී නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහද කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරීම නුසුදුසු බවයි.

Related posts

ජර්මන් පුරාවිද්‍යාඥයින් සමග ඒකාබද්ධව පබළුගල විශේෂ කැනීමක්

colombotoday

හමුදාවට අවමන් කරන්න ගිය විජකලාට, ගීතා ළග ඉදගෙනම පිළිතුරු දෙයි!

colombotoday

දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ නිරාවරණය වෙයි (PHOTO)

colombotoday

ඈන් කුමරිය දිවයිනට

Admin

සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙන්න සූදානම්

Admin

නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණයි !

colombotoday