Colombo Today Local News

මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතුයි – ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය කියයි

දේශපාලන වාසි නොබලා අනාගත මැතිවරණ දැක්මක් වෙනුවෙන් මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතු බව ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්නේ නම් එය සිදු කිරීමට පියවර ගත යුතු බව එම සංගමයේ කැදවුම්කරු අමන්ද රණසිංහ මහතා පවසයි.

ඒ හරහා මැතිවරණ සඳහා දැරිය යුතු අධික වියදම සහ කාර්ය මණ්ඩලය අවම වන අතර එය අනාගත ආයෝජනයක් මිස වියදමක් නොවන බව ඔහු පෙන්වාදෙයි.

විද්‍යුත් තැපැල් ඡන්ද ක්‍රමයක්, මොබයිල් ඡන්ද ක්‍රමයක් හෝ වෙබ් අඩවි පදනම් කරගන් ඡන්ද ක්‍රමයක් නිර්මාණය කර මැතිවරණ පිළිබද අනාගත දැක්මක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙන බවයි ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැදවුම්කරු අමන්ද රණසිංහ මහතා සඳහන් කළේ.

Related posts

රටේ කිසිම පොල් හිඟයක් නෑ

Admin

සුපිරි මෙහෙයුමකින් පසු රජයේ විමර්ශණ කණ්ඩායම ඥාණසාර හිමිගේ පන්සල හැදූ හැටි හොයාගනී

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම් ලැබෙයි.. විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ලෙස පිළිගනී

colombotoday

ඒකීය ලේබලයෙන් එන ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන විමල්ගෙන් විවරණයක් !

colombotoday

රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙහෙයුම ගැන හින්දු සම්මේලනය කතා කරයි

colombotoday

නිහාල් අබේසිංහගේ මෝටර් රථය දියවන්නා පොකුණේ

Admin