Colombo Today Local News

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරන්න මනූෂ සහතික වෙයි

ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ඇතිවන කාර්යයමය ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස, විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසට, එරට සිටින ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බවට ඇමැතිවරයා සහතික වී තිබේ.

ඕමානයේ සිව් දින නිල සංචාරයක නිරත ව සිටින අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේ දී ඇමැතිවරයා මෙම සහතිකය ලබා දුනි.

ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ගත යුතු අනුමැතීන් ලබාගැනීමට විශාල දුරක් ගෙවා තානාපති කාර්යාලයට පුද්ගලිකව පැමිණිමට සිදුවන බවත්, එයට විශාල කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත්, ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීහු ඇමැතිවරයාට පෙන්වා දුන්හ.
මේ අතරම තානාපති කාර්යාලයේ පවතින නිලධාරී හිඟය නිසා ද අනුමැතීන් ලබාගැනීමේ කටයුතුවලට අමතර කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත් ඔවුහු සඳහන් කැළේය.

එයට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ දී දුරස්ථ ක්‍රමයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව පමණක් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහි දී එකඟතාවයකට පැමිණියේය.

සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තා ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නිසා ඇතිවී තිබෙන ගැටලු සහ ඕමානයේ ශ්‍රමිකයන් බඳවා ගන්නා ආයතන නියෝජිතයන් මුහුණදී තිබෙන ගැටලු සඳහා දිය හැකි විසඳුම් පිළිබඳ ව ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

Related posts

කෝටි දෙකක තහනම් වල්නාශක තොගයක් මාට්ටු

Admin

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

colombotoday

බස් රථ හිමියන් මගීන්ගේ මුදල් කොල්ල කයි

colombotoday

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin

ETCA විරෝධය දැක්වූ වෘත්තිකයන්ට එජාප වෘත්තීය සමිති සාමාජිකයෝ පහර දෙති

colombotoday

විදේශ සංචිත බිංදුවට වැටේ.. ආර්ථික අර්බුදය බරපතලයි – මහබැංකු වාර්තා හෙළි කරයි

colombotoday