Colombo Today Local News

බස් රථ හිමියන් මගීන්ගේ මුදල් කොල්ල කයි

“ගහෙන් වැටුණු මිනිහට ගොණා ඇන්නා වාගේ” යන ප්‍රස්තා පිරුළට පරිසමාර්ථ අර්ථයක් ලබා දෙමින් පුද්ගලික බස් රථ හිමි කරුවන් සහ සේවකයින් මෙරට පැවති වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකයෙන් බැට කන ජනතාවගේ මුදල් වංචනික ලෙස හූරා කමින් සිටින බවට මගී ජනතාව චෝදනා කරයි.


ඒ අනුව පසුගියදා (24) වවිනියාවේ සිට කොළඹ දක්වා මාර්ග අංක 4 යටතේ මැදවච්චිය හරහා ධාවනය කළ රත්නා ට්‍රැවර්ස් නැමැති අංක (NP-NF 9395) දරණ බස් රථය, අනුරාධපුර නගරයේ දී සහ මැදවච්චිය නගරයේ දී කොළඹ කොටුව දක්වාම මගීන් රැගෙන යන බව පවසා ඇත. එසේ පවසා මගීන් රවටා, බස් රථයට මගීන් ගොඩ කරවා ගත් බස් රථයේ කොන්දොස්තර වරයා මගීන්ගෙන් ගමනාන්තය ලෙස ප්‍රකාශ කළ කොළඹ කොටුව දක්වාම මුදල් අය කර ගෙන ඇත. එසේ අයකර ගත් පසු මගීන්ව කටාන ප්‍රදේශයෙන් බස්වා ඉන් එහාට බස් රථයට යාමට අවසර නොමැති බව පවසා ඇත. එම හේතුවෙන් දැඩි සේ අසරණ වු මගී ජනතාව බසයෙන් බැස කොළඹ කොටුවට යාමට සුදානම්ව තිබූ තවත් බස් රථයකට ගොඩවී ඇත. එම බස් රථයෙන්ද මුදල් අය කර ගන්නා විට මගීන් ප්‍රකාශ කර ඇත්තේ කොටුවට යනතුරුම මීට පෙර ආ බස් රථයට මුදල් ගෙවූ බවයි. එහිදී නව බස් රථයේ කොන්දොස්තර විසින් පවසා ඇත්තේ මගීන් හට මීට පෙර ආ බස් රථයේ හිමිකරුවන් වංචනික ලෙස මුදල් අයකරගෙන ඇති බවයි. අනතුරුව නැවත රුපියල් 88 ක මුදල්ක ලබා දී කොටුවට ඒමට මිගීන් හට සිදුව ඇත.

ඒ පිළිබඳ අදහස් දැක්වූ මගී ජනතාව.

කේ. චන්දන පල්ලේගුරු මහතා,

මම මැදවච්චියෙන් රත්නා කියන නම තිබෙන බස් රථයට නැන්ගේ. මම කොටුවටම යනවද කියලා දෙපාරක් ඇහුවා. ඔව් කියලා තමයි කොන්දෙස්තර අපිව බස් එකට ගොඩ කර ගත්තේ. මගෙන් රුපියල් 450 ක් ගත්තා ටිකට් එක. නමුත් අවසානයේ බස් රථය කටානට විතරයි ආවේ. අය කිලෝමීටර් 60 හැත්තෑවක් අපිට වෙන බස් එකක එන්න වුණා. මේවා කරන්නේ මේ රටේ අහිංසක මින්ස්සුන්ට මේ අය. අපේ මුදල් වංචනික ලෙස හූරා කනවා. මේවට නීතිය ක්‍රියාකත්මක වෙන්න ඕනේ. බලධාරින්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ සොයා බලා මෙම බස් රථය ධාවනයෙන් ඉවත් කරන්න කියලයි.

එම්.චන්ද්‍රිකා රත්නවීර.

අපි රැකියාවට යන්නයි කොළඹ යන්නේ. මම අනුරාධපුරින් රත්න ට්‍රැවර්ලස් බස් රථයට නැන්ගේ. වවිනියාවේ ඉදලා ආවේ. ගොඩාක් සෙනග හිටියා. කොළඹටම අරගෙන යනවා කිව්ව නිසා මාත් නැන්ගා බස් එකට. ටිකට් එකත් 450 ක්ම ගත්තා. යන්න බස් නැති නිසා වගේම බස් ගාස්තු වැඩියි කිව්ව නිසා කට වහගෙන ආවා අපිත්. අවසානෙට මේ මිනිස්සු අපිව රවට්ටලා අරගෙන ඇවිත් අපෙන් වැඩි මුදලකුත් අය කරගෙන. අපි අහිංසක රාජ්‍ය සේවකයෝ. බෝඩිම් වල ඉදලා ඒවට ගෙවලා බස් කුලී මෙහෙම වැඩිය ගෙවද්දි කොහොම ජීවත් වෙන්නද.. ? මේවා අසාධාරණයි. මේ බස් හිමියන්ට විරුද්ධව බලධාරින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නැත්තම් මේ බස් රථය තවත් මේ වගේ අහිංසක මගීන්ගේ මුදල් හූරා කනවා.

අප මේ සම්බන්ධව බස් රථයේ හිමි කරුගේ 0242220554 දුරකතන අංකයට කථා කළා. කිසිවෙකුත් එයට ප්‍රතිචාර නොදැක්වුහ .

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

පිරිමින් වඳකරන ග්ලුපොසිනේට් තහනම්

colombotoday

මාතලේ වැඩිම මනාප ජනක බණ්ඩාරට

colombotoday

මහාවංශයේ උදාහරණ බෞද්ධ මතය ලෙස මුස්ලිමයන් ඉදිරියේ ප්‍රකාශයක් කල ගල්කන්දේ ධම්මානන්ද හිම්ට බොදු බලෙන් ලිපියක්

colombotoday

හෙරොයින් 15 g ක් සමග 58 හැවිරිදි කතක් අත්අඩංගුවට

colombotoday

මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ පිටාර මට්ටමට

colombotoday

ස්වාධීන වූ මන්ත්‍රීවරු අගමැති වීමේ වලියක. – විපක්ෂයත් තුනට කැඩේ

colombotoday