Colombo Today Local News

මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ පිටාර මට්ටමට

මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පිහිටි  පෝෂක ප්‍රදේශ වලට අඛණ්ඩව ඇඳ  හැලෙන අධික වර්ෂාවත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රි යන ප්‍රධාන ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්නව පවති.

මාවුස්සාකැලේ හා කාසල්රි  යන ජලාශ වල ජල මට්ටම අද  (29) පෙ.ව. 06.00 වන විට පිටාර මට්ටමට පිළිවෙලින් අඩි 2.7 ක් හා 1.9 ක් වශයෙන් පැවති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසූහ.

මාවුස්සාකැලේ ජලාශය අක්කර අඩි 93400 ක් හා කාසල්රී ජලාශය අක්කර අඩි 68000 ක ජල ධාරිතාවකින් සමන්විත වේ.

ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන ජලවිදුලි බලාගාර 05 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මෙම ප්‍රධාන ජලාශ දෙකෙනි.

Related posts

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

ජනපති වියානා ඇලට වැට බඳී

colombotoday

ජනපති-අගමැති එක්වී චීන ජෝඩු 100ක් කරකාර බන්දවයි.. රාජකීය මගුල කොළඹදී !

colombotoday

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ලෙස ඩඩ්ලි සිරිසේන ගැන ආඩම්බරයි – මැඩිල්ලේ හිමි

colombotoday

මන්ත්‍රී ආරක්ෂක සැරයන්ගේ පිස්තෝලය සොරා ගත් පුද්ගලයා අත්අඩංගුවට

Admin

මුස්ලිම් කොංග්‍රසයේ තනතුරු මාරුවෙයි.. අර්බුධය තවත් උග්‍ර අතට !!

colombotoday