Colombo Today Local News

Ceylon Princess මව් රටට එයි.. ණයබර වැඩියි.. හිතට එකග නැති තීරණත් ගන්න වෙයි – වරාය ඇමති

ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් සිලෝන් ප්‍රින්සස් නෞකාව ඊයේ මව් රටට සේන්දු විය. ශ්‍රී ලංකා ධජය යටතේ යාත්‍රා කරන මෙම නෞකාව නැව් සංස්ථාවට අයත් දෙවනි නෞකාව වේ. මංගල ගමනින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සේන්දු වූ එම නෞකාව පිළිගනු ලැබුවේ වරාය හා නාවික ඇමති අර්ජුන රණතුංග මහතා විසිනි.

සිලෝන් ප්‍රින්සස් (Ceylon Princess) නෞකාව චීනයේ AVIC International සමාගමේ නිර්මාණයකි. 2016 ජූනි මස 15වැනිදා සාදා නිම කළ මේ නෞකාවේ දිග මීටර් 200ක් වේ. එහි සහෝදර නෞකාව වූ සිලෝන් බ්‍රීස් නෞකාව මීට ප්‍රථමයෙන් ස්වකීය මෙහෙයුම් ආරම්භ කළේ 2016 මාර්තු මස 15 වැනිදායි. පසුගිය රජය සමයේදී මිලදී ගත් මෙම නෞකා දෙක සඳහා වැය කර තිබූ සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් මිලියන හැත්තෑවක් විය.

පිළිගැනීමේ උත්සවයේදී වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ එම මුදලින් නෞකා හතරක් මිලදී ගැනීමට තිබුණු බවයි. මෙම නෞකාවලින් ශ්‍රී ලංකා නැව් සංස්ථාවට පැටවුණු ණය බර ප්‍රමාණය අති විශාල බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසීය. කෙසේනමුත් ඔහු අවධාරණය කළේ ණය ප්‍රමාණය කළමනාකරණය කරගනිමින් නෞකා ආරක්ෂා කර ගැනීමට සෑම පියවරක්ම ගන්නා බවයි.

“වරාය අමාත්‍යාංශය මම භාරගන්නකොට අපිට තිබුණ ලොකුම අභියෝගයක් වුණේ මේ නෞකා දෙක භාර ගැනීම. නමුත් මේ නෞකාවලින් රටට ආලෝකය සපයන ගල් අඟුරු ප්‍රවාහනය කරමින් පසුගිය වසරේදී අපි සැලකිය යුතු මට්ටමේ ලාභයක් ලබා ගත්තා. ප්‍රමාදවීම් සඳහා ගෙවීම් කිරීම් අඩුවුණා. ඒ නිසා මේ නෞකාවලින් නැව් සංස්ථාවට විය හැකි පාඩුව අවම කර ගත හැකි යැයි මම අපේක්ෂා කරනවා. ඉදිරියටත් නැව් සංස්ථාවට අලාභයක් නොවන විදියට මේ නෞකා හැසිරවීමට උපාය මාර්ග පිළිබඳවද අවධානය යොමු කරමින් සිටිනවා. සමහර වෙලාවට අපිට හිතට එකඟ නැති තීරණ වුණත් ගන්න සිද්ධ වේවි.” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කීය.

Related posts

ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ

colombotoday

සතුන් දඩයමට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ධූරය කුෂානි රෝහණධීර ට

colombotoday

ජනපති ඉදිරියේදී දුක්බර මුහුණින් සජිත් කිවූ දේ

colombotoday

පලාගල පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් ඩෝසර් කරලා..

colombotoday

“අපට ඤාණය දෙන්න.. ධනය දෙන්න..“ පාර්ලිමේන්තුවේදී නව රාත්‍රී දේව පූජාවක්

colombotoday