Colombo Today Local News

ආණ්ඩුව යළිත් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරයි. සියඹලාපිටිය නි. කතානයක සටන දිනයි

නියෝජ්‍ය කතානායක වෙනුවෙන් අද (05) පාර්ලිමේන්තුවේ පැවැත් වූ ඡන්ද විමසීමේදී හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා වැඩි ඡන්ද 83 නැවත් වතාවක් තේරී පත් විය. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ඉමිතායාස් බාකිර් මාකර් මන්ත්‍රීවරයාට ලබා ගත හැකි වූයේ ඡන්ද65 ප්‍රමාණයකි.

නියෝජ්‍ය කතා නායක වරයකු තෝරා ගන්නා ලෙස කතානායක වරයා දැනුම් දුන් අවස්තාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා නියෝජ්‍ය කතානායකවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කළේය. ඒ යෝජනාව සුසිල් ප්‍රෙමජයන්ත් මන්ත්‍රීවරයා සම්මත කළ අතර මහාචාර්යය ජී එල් පීරිස් ඊට ආණ්ඩුපක්ෂයේ සහය ලබා දෙන බව පැවසීය.

ආණ්ඩුවේ සහය රංජිත් සියඹලාපිටියට ලැබෙන බව පැවසීමත් සමගම සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සජබ මන්ත්‍රී ඉමිතියාස් බාකිර්මාකර් නියෝජ්‍ය කතානායක ධුරයට යෝජනා කළේය. එම යෝජනාව විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සම්මත කරන ලදී. ඒ අනුව කතානායක වරයා තවත් නම් තිබේ දැයි විමසූ අතර තවත් නම් ඉදිරිපත් නොවූ බැවින් නියෝජ්‍ය කතානායකවරයා ඡන්ද විමසීමක් ප්‍රකාශ කළේය. ඒ අනුව නියෝජ්‍ය කතානායක වරයා තෝරා පත් කර ගැනීමට ඡන්ද විමසීමක් සිදු කරන ලදී,

රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා මීට ප්‍රථම නියෝජ්‍ය කතානායක ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීන්දු කිරීමත් සමගම ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.

Related posts

ශ්‍රීලනිප මීළග ජනපති අපේක්ෂක ධුරයත් මෛත්‍රීට – යෝජනාව ස්ථීර වෙයි

colombotoday

ගෝඨාභය ජනපති අපෙක්ෂක කරන්න, වෙන විකල්පයක් නෑ – වයඹ සංඝනායක හිමියෝ හිටපු ජනපතිට කියයි

colombotoday

මහබැංකුව බින්දේ අගමැති අනුග්‍රහයෙන්.. “රාජපක්ෂ ණය“ කියා රට රැවටුවත්, බඩු මිළ වැඩිවුණේ බැදුම්කර හොරු නිසයි

colombotoday

ආණ්ඩුකාර තනතුරක් නොදුන් නිසා ASP ඉල්ලා අස්වෙයි

colombotoday

මෛත්‍රී – පූටින් හමුව 23 දා

colombotoday

කල්පිටියේ ධීවර යාත්‍රාවක් අතුරුදන්

Admin