Colombo Today Local News

ආණ්ඩුකාර තනතුරක් නොදුන් නිසා ASP ඉල්ලා අස්වෙයි

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන A.S.P. ලියනගේ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව පවසයි.

ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

තමන්ට ආණ්ඩුකාර තනතුරක් ලබානොදීම හේතුවෙන් මෙසේ තානාපති තනතුරෙන් ද ඉල්ලා අස්වන බව පැවසූ ඒ මහතා එහෙත් ජනාධිපතිවරයා සමඟ තමන්ට කිසිදු ගැටළුවක් නොමැති බව ද සඳහන් කළේය.

රාජපක්ෂ පවුලේ සමීපතමයකු වන මෙම තානාපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන රෝහිත රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂගේ ගමන් මලු ඇදගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබිණි.

Related posts

ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ – සිවිල් – වාණිජ නීති ප්‍රතිසංස්කරණයේ

colombotoday

ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවතී

Admin

කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක්

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කමිටුවේ වාර්තාව හංගලා…

colombotoday

නව පළාත් ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරයි

Admin

උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ

colombotoday