Colombo Today Local News

කල්මුණේ ළමා නිවාස පාලිකාවට වෘත්තීය සුදුසුකමක් නෑ

කල්මුණේ ළමා නිවාසයක දී 15 හැවිරිදි දරුවකුට විකට් පොල්ලකින් සහ කොස්සකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාස පාලිකාව කිසිම වෘත්තීය සුදුසුකමක් නො ලැබූ අයෙකු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරිය අදාල පරිවාස නිලධාරිනිය පිට පාරෙන් ආ කෙනෙක්දැයි සොයා බැලු බවත් නමුත් ඇය විභාගය සමත් වී තිබුනත් වෘත්තීය සුදුසු කමක් නැතැයි කීවා ය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් ඉතා ඉක්මනින් රටපුරා පරිවාස නිලධාරීන් පුහුණු කිරීමට කටයුතු කරන බවද ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

Related posts

BBC සංදේශයට එරෙහිව දිලිත් ජයවීර ගොනු කළ අපහාස වන්දි නඩුව නිෂ්ප්‍රභයි.

colombotoday

කුරුවිට හා මල්ලාවි මනුෂ්‍ය ඝාතන දෙකක්

colombotoday

IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

Admin

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසෙයි. ඉන්ධන හිඟයක් නැහැ – ඇමති උදය ගම්මන්පිල

colombotoday

“කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නැහැ බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන්

colombotoday

තියුණු කැපුම් තළ 300ක් කැකිරාව වැවකින් මතුවෙයි… ඕනෑම අවස්ථාවක භාවිතයට ග්‍රීස් ගල්වා තිබිලා..

colombotoday