Colombo Today Local News

සැකකටයුතු කාන්තා මළ සිරුරක් මිනුවන්ගොඩ නිවසකින් හමුවෙයි

මිනුවන්ගොඩ පොලිස් වසමේ යාගොඩමුල්ල, කොටුගොඩ ප්‍රදේශයේදී නිවසේ සිටි කාන්තාවක පිළිස්සුම් තුවාල ලබා මියගොස් සිටියදී පොලිසිය සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ, ඊයේ (17) දින රාත්‍රී කාලයේදී නිවසක් ගිනි ගන්නා බවට ලැබුණු පණිවිඩයක් මත එම ස්ථානයට ගිය පොලිසිය ගින්න මැඩ පවත්වා නිවස පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇති බව ය.

මරණකාරිය වයස අවුරුදු 65ක් වන යාගොඩමුල්ල, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ම තබා ඇත.

මරණකාරිය එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පිළිබඳව මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

“මහින්ද මේ රටට කරපු දෙයක් නෑ.. ඔහුට තියන්නේ හොරා කෑමේ රුදාව.. රට හදන්න පුළුවන් අපට පමණයි” – චන්ද්‍රිකා

colombotoday

කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක්

colombotoday

රිෂාඩ් බදුර්දීන් සහ චම්පික රණවක හමුවීම ජනපති ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

colombotoday

පාර්ලිමේන්තු සභා ගැබේ එල්ලා ඇති මහ පහන කඩා වැටේ !

colombotoday

බ්‍රිතාන්‍ය රජුටත් අභියෝග කරන පිළිකා මාරයා

Admin

බස්නාහිර, ඌව, දකුණ, මධ්‍යම සියළු පාසැල් වසා දැමේ

colombotoday