Colombo Today Local News

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

මැතිවරණ වියදම් සීමා කිරීම පිළිබඳ පනත් කෙටුම්පත හෙට (19) දිනයේ විවාදයට ගැනීම පිළිබඳ අද(18)දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවා ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඊට ජනාධිපතිවරයා ද සහභාගී වනු ඇති.

එහිදී පක්ෂ නායකයින්ගේ එකඟතාවක් ලැබුණහොත් එය හෙට දිනයේ දෙවැනි වර කියවීමේ විවාදයට යොමු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම පනත සම්මත වුව ද ඉන් බලාත්මක වන නීති මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ නොවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර පෙර ඇති කර ගත් එකඟතාවන් කඩ කරමින් මැතිවරණ වියදම් සීමා කිරීමට අදාළ පනත් කෙටුම්පත හදිසියේ විවාදයට ගැනීමට සුදානම් වන බවට විපක්ෂය පෙන්වා දෙයි.

Related posts

එජාපයේ නොවිසඳුණු ගැටළුවලට විසඳුම් සොයන තවත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

colombotoday

STF කඳවුරු 3ක් හුදකලා කරයි

colombotoday

මංගලගේ මිල සූත්‍රය මළ සූත්‍රයක් වගෙයි…

colombotoday

විශේෂ මෙහෙයුමකින් බිමත් රියදුරන් 293ක් අත්අඩංගුවට

colombotoday

දකුණ හෙල්ලූ අභිරහස් පාතාල වෙඩික්කරු කොටුවෙයි.. එල්ටීටීඊ සන්නද්ධ අංශයේ හිටපු ප්‍රබලයෙක් !

colombotoday

පොදු ජන පෙරමුණේ නිල පුවත්පත එළිදකී

colombotoday