Colombo Today Local News

ඉංගිරියේ රිය අනතුරකින් තරුණයෝ දෙකක් මරුට

ඉංගිරියේ පැවති සැණකෙළියක් නරඹා ආපසු යමින් සිටි තිදෙනකු රැගත් යතුරු පැදියක් සහ වෑන් රථයක් ඉංගිරිය පාදුක්ක මාර්ගයේ රයිගම් වත්ත ප්‍රදේශයේ දී අද අලුයම මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ඉංගිරිය පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ වියවෙල ඉහළ පදිංචිව සිටි ජයලත් කුමාර (36) හා, හඳපාන්ගොඩ පන්සල පාර පදිංචි තරිඳු පිය රංග (27) යන දෙදෙනායි.

ඉංගිරිය ප්‍රදේශයේ පැවති වෙළඳ ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් නරඹා ඉංගිරිය පාදුක්ක මාර්ගයේ හඳපාන්ගොඩ දෙසට යමින් සිටි තිදෙනකු රැගත් යතුරු පැදියක් සහ අඹු සැමි යුවලක් සහ කුඩා දරුවෙක් ගමන් ගත් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් සිඟිති දරුවාට කිසිදු අනතුරක් වී නැත.

අනතුරත් සමගම ප්‍රදේශවාසීන් යතුරුපැදි යතුරු පැදියෙන් ගමන් ගත් තිදෙනා සහ වෑන් රථයේ සිටි අඹුසැමි යුවළ ඉංගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යතුරු පැදියේ ගමන් ගත් එක් අයකු මිය ගොස් තිබූ අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සෙසු පුද්ගලයන් හොරණ මූලික රෝහල ඇතුලත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් තිබූ බව පොලිසිය කියයි.

Related posts

කින්නියා නගරාධිපති අත්අඩංගුවට

colombotoday

අගමැති ඇවිත් ගිය පසු, මීතොටමුල්ලේ අවතැන්වූවෝ දෙස් දෙවොල් තබති.. හෙණ ඉල්ලති (Video)

colombotoday

විමල් වීරවංශගේ බිරිඳ වසර 02ක් සිරගෙට

colombotoday

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

colombotoday

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ලක්ෂ 160ක් ගැරූ අයෙක් අල්ලයි

Admin

සුජිත් මුතුකුමාරණ සන්ධානයෙන් නෙරපීම නීතීයට පටහැනි

colombotoday