Colombo Today Local News

එජාපය ගාල්ලේ පළාත් පාලන ආයතන 20ට ම ඇප බඳී

එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහා නගර සභාව ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20ට ම තරඟ වැදීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.

මෙම අවස්ථාවට බලයලත් නියෝජිතයන් මෙන්ම ගාල්ල මහා නගර සභාවේ නියෝජ්‍ය නගාරාධිපති ෆවුසුල් නියාස්, විපක්ෂ නායක ජිලිත් නිශාන්ත, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ, ඇල්පිටිය සංවිධායක නීතීඥ නෙවිල් ඉගලවිතාන, රත්ගම සංවිධායක නිමල් චන්දන, බද්දේගම සංවිධායක නීතීඥ ලීලානන්ද, කරන්දෙනිය සංවිධායක නිතීඥ නුවන් සොමිරත්න, හබරාදුව සංවිධායක ලයනල් ඉපලවත්ත, බලපිටිය සංවිධායක අජිත් අසේල, හිනිදුම සංවිධායක සුනිල් සේනානායක, අම්බලන්ගොඩ ආසන සංවිධායක ජනිත් වික්‍රමතිලක, අක්මීමණ සංවිධායක නිතීඥ මහේෂ් මඩවල යන මහත්වරු ඇතුලු අපේක්ෂකයෝ රැසක්ද සහභාගී වී ඇත.

Related posts

2017 නොබෙල් සාම තෑග්ගට ජනපති මෛත්‍රීගේ නම යෝජනා වෙයි !

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 උදෑසන 4 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday

” අස්ස කුලප්පුවට අහුවෙන්න මම සුනම් නෑ “

colombotoday

කාටත් ඕන මාව යවා ගන්නනම් මම යනවා – පොලිස්පති හැගුම්බර වෙයි

colombotoday

නිරූපමා රාජපක්ෂ රටින් යයි

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මොළය ජීවානුහරණය කරගත් නිලධාරීන් චීන කක්කුසියේ රස බලන්න තවත් රසායනාගාර පරීක්ෂණ කරනවා

colombotoday