Colombo Today Local News

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ලක්ෂ 160ක් ගැරූ අයෙක් අල්ලයි

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ 160ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් අදාළ මුදල ලබාගෙන එම පොහොර ආනයනය කර නොදී අගරු චෙක්පත් ලබා දී ඇති බව පොලීසීය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 65 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (22)දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සදහා එජාප සටන ගාලුමුවදොරදී ඇරඹෙයි… සෙනග නැතිව සංවිධායකයන් අසීරුවේ…

colombotoday

බයිබලයට අනුව, නව අගවිනිසුරු නලින් පෙරේරා තමාගේ පළමු කතාව කරයි.

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුවට ඉන්දියාවෙන් ඇ.ඩො. කෝටි 400 ක්

colombotoday

ලොව ප්‍රබල ධර්මයක් වන ඉස්ලාමය ගැන කියන්නට පෙර ප්‍රවේශම් වන්නට තිබුනි. | උලමා සභාව ඇමති ගම්මන්පිලට තග දමයි

colombotoday

සජබ ට සහය වූ වලල්ලාවිට මන්ත්‍රී කණ්ඩායමත් නැවත එජාපයට එක් වෙයි

colombotoday

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin