Colombo Today Local News

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් දේවස්ථාන වලින් සොයා ගත් ආයුධ මුහුදේ ගිල්වයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කර තිබේ.

නාවික හමුදා රංගල කඳවුරේ සුරනිමල නෞකාවෙන් නාවික හමුදා නිලධාරින් ද සමග පිටත් වී ඇති අධිකරණ කාර්ය මණ්ඩලය මුහුදු සැතපුම් 1000ක් දුරින් සහ අඩි 1000ක් ගැඹුරින් මෙම ආයුධ තොගය ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කර ඇත.

ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝග පරිදි අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ, අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය, නඩු භාණ්ඩ භාරකාරිණීය ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලයේ අධීක්ෂණයෙන් යුතුව මෙම අවි ආයුධ තොගය ගිල්වා විනාශ කර තිබේ.

මෙසේ විනාශ කරනු ලැබ තිබුණේ කඩු 1000ක්, කිනිසි, උල් ආයුධ, බොම්බ් කොටස්, තුවක්කු 08ක් සහ කල් කටස් වර්ගයේ ගිනි අවි 10කි.

Related posts

පළමු ප්‍රතිපලයෙන් ගෝඨාට ජය

colombotoday

චම්පික රණවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් ?

colombotoday

විදේශ රැකියා අපෙක්ෂකයන්ගේ පොලිස් සහතිකය නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක්

Admin

සීලරතන හිමියන්ගෙන් සජිත්ට දැඩි ප්‍රහාරයක් (Video)

colombotoday

ජනතාවට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට රජය අසමත් – නීතිඥ සංගමය

colombotoday

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද සිට

colombotoday