Colombo Today Local News

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

එම සංගමයේ ලේකම් එස්. බෝපිටිය මහතා සඳහන් කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව සාධනීය ප්‍රතිචාර ලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගිය මස 23 වැනි දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණේ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

නිලධාරීන් කරනු ලබන රාජකාරීවල දත්ත ලබා නොදීම් සහ රැස්වීම් සඳහා සහභාගී නොවීම ඒ යටතේ සිදු කෙරුණි.

පසුව බෝවන රෝග මර්දන කටයුතුවලින් ‍ද ඔවුන් ඉවත් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.බෝපිටිය මහතා සඳහන් කරන්නේ, අදාළ ගැටලුවලට කඩිනම් විසඳුම් නොලැබුණහොත් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

Related posts

බිල ගෙවන බදු ගෙවන මහජනතාවට අද සිට යලිත් අදුරේ ඉන්න දැනුම් දෙයි

Admin

අදත් රටපුරා ඇදිරිනීතිය…

colombotoday

ජාතික රණවිරු සැමරුම ඉහලින්ම පැවැත්වීමට රජය තීරණය කරයි

Admin

දුමින්ද දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්ත ගැටෙයි

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සිදුවන අසාධාරණ හා අකටයුතුකම් | පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අධිකාරියට යාමට සුදානම්

colombotoday

ඉකුත් පැය 48ට අධිවේගීයෙන් ලක්ෂ 700ට අධික ආදායමක්

Admin