ArticlesColombo Today Local News

අරාජිකවාදයද.. ජාතිකවාදයද.. අද රට හමුවේ තිබෙන්නේ මේ දෙක අතර තේරීමක්!

ranil my3

රටේ වාද දෙකක් තියෙනවා. ඒ රනිල්-මෛත්‍රී අරාජිකවාදය වශයෙන් හා මහින්ද ප්‍රමුඛ ජාතිකවාදය වශයෙන්. මේ මැද එකක් නැ. ඒ කියන්නේ මෛත්‍රීපාලගේ ශ්‍රිලනිපය යනුවෙන් එකක් නැ. මෛත්‍රීත් ඔහුගේ ඊනියා ශ්‍රිලනිපයත් අයිති එජාපයට මිසක් වෙනත් මැද ශ්‍රිලනිපයකට නෙමෙයි. මේකට අපි අරාජිකවාදය කියන්නේ ඊට පාලනයක් හෝ නියාමනයක් නැති, එනම් දකුණත කරන දෙය වමත දන්නේ නැති වාදයක් නිසා. විනාශයට යන රටේ ආත්මය නගන වැලපිල්ලේ හඬ නෑසෙන ලෙස මාධ්‍ය සිරස්තලවල සැඟවෙන තැනට මේ ආණ්ඩු වසරක් තුළ ආරාජික වෙලා.

රනිල්-මෛත්‍රී ආරාජිකවාදය නියෝජනය කරන්නේ එජාපය හා ඊට එක් ව දේශපාලනය කරන ඇතැම් ශ්‍රිලනිප කොටස්. කෙසේ වෙතත්, එජාපය තුළ සිටින රට ගැන නියම හැඟීමක් ඇති පිරිස් රනිල්ගේ ෆෙඩරල්වාදී හා ඇමරිකන් ගැති එජාපය සමග නැති බව අපි අමතක කළ යුතු නැහැ. මේ අතර, ඉහත ‘ඇතැම් ශ්‍රිලනිප කොටස්’ ශ්‍රිලනිප යනුවෙන් හැඳින්වුනත් ඔවුන් මදයෙන් ශ්‍රිලනිප නෙමෙයි. මදයෙන් ශ්‍රිලනිප කෙනෙකුට කවදාවත් ෆෙඩරල් එජාප කුස්සියේ ඉඳුල් කන්න හිත හදාගන්න බැ. ශ්‍රිලනිපයා නිති ආත්ම ගෞරවයෙන් හා ජාතික හැඟීමෙන් යුතු වූවෙක්. හැමෝම නොවුනත් මේ බොහෝ අය අවස්ථාවාදීන්.

ලංකාවේ නියම ජාතිකවාදය අදත් නියෝජනය කරන්නේ මහින්ද ප්‍රමුඛ ශ්‍රිලනිපය. විමල්ගේ ජනිපයත් නමින් පමණක් වෙනස්, එහෙත් ජාතිකවාදය නියෝජනය කරන පක්‍ෂයක්. අද මේ අය එකතු වෙලා ඉන්නේ මේ මූලික පදනම නිසා. මහින්ද ශ්‍රිලනිපයෙන් ගැලවුනොත්, අපි කලින් දිනක කිව්වා වගේ ශ්‍රිලනිපය දෙකඩ කැඩෙන්නේ නැහැ. වෙන්නේ හැලිච්ච කොලටික ඉතිරි වෙන්න මුල් පිටින් ඉදිරිලා මහින්ද ලඟට එන එක.

රටක අලුතින් පක්‍ෂ හදන්න පුළුවන් ජනමූල නායකයින්ට විතරයි. බණ්ඩාරනායක එහෙම කෙනෙක්. එජාපයේ කළුසුද්දාවාදයට එරෙහි ව බණ්ඩාරනායකට ජාතිකවාදය මූලික කරගත් අලුත් පක්‍ෂයක් හදන පසුබිම මහපොළොවන් ම මතු වෙලා තිබුණේ. ඒකයි 56 විප්ලවය සිදු වෙන්නේ. බණ්ඩට පස්සේ ඉන්න ජනමූල නායකයා මහින්ද. ඔහු බණ්ඩාරයාකට වඩා මේ රටට මුල් ඇද්ද නායකයෙක්. ඒ කියන්නේ නව පක්‍ෂයක් පිහිටුවීමේ සියළු ගුණාංග මහින්ද ලඟ තිබෙනවා. ඊට අමතර ව, ෆෙඩරල් එජාපයට දරදිය අදින දීන නාමික ශ්‍රිලනිපයට එරෙහි ව දැන් ජන මනස විසින් ඔරිජිනල් ශ්‍රිලනිපයක් ඉල්ලා සිටිනවා. මෙතෙන්නට එකතු වෙන්න නියමිතයි අර රට ගැන නියම කැක්කුමක් ඇති ග්‍රාමීය මධ්‍යම පාන්තික එජාප කොටස්. වත්මන් රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ නිධංගත නොහැකියාව විසින් මේ ඉල්ලුම දෙගුණ තෙගුණ කර තිබෙන හැඩයි.

කථිකාචාර්ය මහින්ද පතිරණ

Related posts

ජාතික පාසල්වල ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

colombotoday

‘සැප්. 1 වැනිදා තෙක් හරීන් අත්අඩංගුවට ගන්නේ නැහැ’ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

තදබදයට පිළියම් නැති කමෙන් කොළඹ ගමන් ඉබි ගමනේ. ධාවන වේගය පැයක කි.මි. 6ට අඩුවන ලකුණු.

colombotoday

යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගෙන කැබලි කර විකුණූ කුඩු ලෝලියෙක් අත්අඩංගුවට

colombotoday

‘පොලිස් බලතල ගන්න පොලීසියට බැදෙන්න‘ – විග්නේශ්වරන් උතුරේ දෙමළ තරුණයන්ගෙන් ඉල්ලයි

colombotoday

“රෙද්දක් ඇදගෙන මහින්දත් එක්ක යන්න මටනම් බෑ” – දුමින්ද දිසානායක

colombotoday