Colombo Today Local News

ජනපතිගේ තීරණයට එජා. මහලේකම්ගෙන් පැසසුම්.. ඇමරිකානු තානාපතිටත් සතුටුයි !

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට කටයුතු කිරීම ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කර තිබේ.

මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සත්‍ය සොයා ගැනීම සඳහා කටයුතු කරන සියලු ශ්‍රී ලාංකිකයන් ලැබූ විශේෂ ජයග්‍රහණක් බවයි.

මෙම ක්‍රියාවලිය වෙනුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බවත්, මෙය කඩිනමින් සක්‍රීයව ක්‍රියාත්මක වනතුරු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා බලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර කොළඹ ඇමරිකානු තානාපති අතුල් කේෂාප්ද ට්වීටර් පණිවිඩයක් නිතුත් කරමින් රජයේ තීරණය සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කර ඇත.

Related posts

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස හෙට දිවුරුම් දෙයි

colombotoday

ඥානසාර හිමි දෙවනගලට පුදබිමට

colombotoday

සිසුන්ගේ ආරවුල විසදුවාට ගුරුවරුන්ට හිමිවූ ත්‍යාගය

Admin

ධීවරයින් පිරිසක් විසුරුවා හරින්න අහසට වෙඩි

Admin

“අපි අපේ රටේ නීති හදන්නෙ අපිට ගැලපෙන විදිහට” පොලිස් ඇමති කියයි

Admin

සහරාන්ට කඬේ ගිය ටියුෂන් සර් රිමාන්ඩ්… ශිෂ්‍යාවන් වැසිකිළි යන විටත් වීඩියෝ කරලා

colombotoday