Colombo Today Local News

කෝප් කමිටුව ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායකයින් අද රැස්වෙයි

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (20)දින කැඳවා තිබේ.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, දහවල් 12ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි.

අද පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙන්නේ කෝප් කමිටුවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

වත්මන් කෝප් කමිටුව අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැත්නම් එය විසුරුවා ඒ සඳහා නව සාමාජිකයින් පත්කරන්නේද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව නියෝජ්‍ය කතානායක සඳහන් කරයි.

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් නොපවත්වන බව කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට දැනුම් දුනි.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් විමර්ශනයට අදාළව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සම්බන්ධයෙන් මතු වූ විවේචනාත්මක තත්ත්වයෙන් පසුවයි.

Related posts

හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පති අනිවාර්ය විශ්‍රාම යවයි : ගුරුවරු 4 දෙනාගේ වැඩ තහනම්

colombotoday

උසස් පෙළ අයදුම්පත් භාර ගැනිම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Admin

නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 72 ක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුවේ 225 ම බූරුවන් නම් අනුරත් ඒ ගණයේ

colombotoday

කොළඹ මහල් නිවාස සංකීර්ණ 06ක් හුදෙකලාභාවයෙන් ඉවතට

colombotoday

අරන්තලාවේ භික්ෂු ඝාතනයට වසර 31යි / කුල දරුවන් 31ක් සසුනට

colombotoday